IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මූල්‍ය අරමුදලට වැඩිම ණය ගෙවීමට ඇති රටවල් අතර ලංකාව 13 වැනියා

  • රටවල් 86 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඩො.බි.162ක් 
  • එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ආර්ජන්ටිනාවට. දෙවැනි ස්ථානය යුක්රේනයට. තෙවැනි ස්ථානය ඊජිප්තුවට 
  • ලංකාව වර්තමානය වනවිට ගෙවීමට ඇති මුදල ඩො.බි. 2.3 ක්

විමුක්ති එස් රුද්‍රිගු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන වැඩිම මුදලක් නැවත එම අරමුදලට ගෙවීමට තිබෙන රටවල් අතර 13 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ලෝකයේ රටවල් 86 ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 162ක පමණ මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති අතර එම රටවල් අතරින් ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය හිමිව ඇත. ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 කි.

එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ආර්ජන්ටිනාවට හිමිව ඇති අතර ආර්ජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 56.83 කි. එහි දෙවැනි ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 14.13 ක් ගෙවීමට ඇති යුක්රේනයත්, තෙවැනි ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.38 ක් ගෙවීමට ඇති ඊජිප්තුවත් හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකාව ඉහළින් සිටින අනෙකුත් රටවල් නවය වන්නේ පාකිස්තානය, ඉක්වදෝරය, අයිවරි කෝස්ට්, කෙන්යාව, බංග්ලාදේශය, ඝානා, ඇන්ගෝලා, කොංගෝ සහ කොස්ට රිකාවය.

නය එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 8.96 කි. බංග්ලාදේශය එම ලැයිස්තුවේ අටවැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.97 ක්වේ.

ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පදනම්ව පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1944 වසරේ පිහිටවනු ලැබූ අතර වර්තමානය වනවිට සාමාජික රටවල් 191 ක් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් දක්වා ණය දීමේ හැකියාව පවතී. පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය ලබාදීම සඳහා මුදල් ලබාදෙන රටවල් 50 කට එම අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පොලී ලෙස ගෙවා තිබිණි.



අදහස් (0)

මූල්‍ය අරමුදලට වැඩිම ණය ගෙවීමට ඇති රටවල් අතර ලංකාව 13 වැනියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site