වාණිජ බැංකු පොලී අනුපාතවල පවතින ස්ථාවරභාවය ඉදිරියේ ආයෝජන අංශ කොටස් වෙළෙඳපොළ කෙරෙහි නැඹුරු වෙමින් පසුවන බව නිරීක්ෂණය කළ හැකිය. මෙම වසරේ ගත වූ කාලය තුළ වේගයෙන් වර්ධන වූ වෙළෙඳපොළ කටයුතු හේතු කරගෙන වාසි සහගත තත්වයක් ළඟා කරගෙන ඇති අතර මෙම ස්වභාවය තවදුරටත් දියුණු වනු ඇතැයි සැලකේ. මෙම සතිය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 ඉක්මවීමට ඉඩ ඇති අතර එය ගනුදෙනු සති දෙකක් තුළ ඒකක දහසයකින් ඉහළ යන නවතම වාර්තාගත තැනක් විය හැකිය.
බැංකු හා මූල්‍ය, රක්ෂණ, ප්‍රවාහන, මෝටර් රථ සහ පාරිභෝගික සේවා සමාගම්වල කොටස් කෙරෙහි තවදුරටත් ඉල්ලුමක් ඇතිවිය හැකි බව ආයෝජන උපදේශකයෝ සඳහන් කරති. විදේශ ආයෝජකයෝ තවමත් කොටස් විකිණීමේ නිරතය. ඊයේ ගනුදෙනුවලදී ද රු. මිලියන 277 ක කොටස් මිල දී ගෙන තිබුණු අතර විකිණීම් රු. මිලියන 314 කි. බැහැරට ඇදී ගිය මුදල රු. මිලියන 37 ක් සේ සටහන්ය.
ඊයේ (ඔක්. 21) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,633.80 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 217.80 ක පිබිදීමකි. එස් ඇන් ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,284.07 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 21.03 ක වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 7.42 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 43,767 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 309.2 ක් විය. සමාගම් 157 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 90 කි. මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 71.2 ක වැනි ඉහළ තැනක විය.
වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයේ දී තියුණු වර්ධනයක් සනිටුහන් කරන ලද අතර පසුව ස්ථාවරව ගමන් කර දිනයේ අවසානය දක්වා පැතිරීම මෙදින වාර්තා වූ විශේෂත්වයකි. බලශක්ති, වාණිජ සේවා, සිල්ලර වෙළෙඳාම, ආහාර පාන, ගෘහ මෙවලම්, සෞඛ්‍ය සේවා, බැංකු, උපයෝගීතා අංශවලට අයත් ක්ෂේත්‍රවල පිබිදීමක් සනිටුහන් කෙරිණ. සන්නිවේදන, මෘදුකාංග සේවා, රථවාහන හා ප්‍රාග්ධන භාණ්ඩ යන ක්ෂේත්‍රවල පිරිහීමක් වාර්තා කළේය.
නිරීක්ෂක
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැංකු පොලීය වෙනුවට කොටස් වෙළෙඳාමට නැඹුරුවක්