නිමල කොඩිතුවක්කු
පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය ආකෘතිකරණ SAARC පුහුණු වැඩමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
දකුණු ආසියානු කලාපීය සහයෝගිකා සංගමයේ SAARC බලශක්ති මධ්‍යස්ථානය විසින් 2026-10-05 දින සිට 2026-10-07 දින දක්වා කාලය තුළ ‘ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය ආකෘතිකරණය ‘ යන තේමාව යටතේ පුහුණු වැඩ මුළුවක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත. එම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු SAARC සාමාජික රටවල් වලින් දෙදෙනකු බැගින් සහභාගි වීමට නියමිතය.
දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ බල ශක්ති මධ්‍යස්ථානය විසින් ගුවන් ගාස්තු හැර අනෙකුත් සියලුම දේශීය ආගන්තුක සත්කාර පහසුකම් සහ ගුවන් කොටුපොළ ප්‍රවාහන පහසුකම් සපයා දීමට නියමිත වේ.
පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ඇගයීම සහ මූල්‍ය ආකෘතිකරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින්ගේ හා අනෙකුත් අදාළ පාර්ශ්වවල ධාරිතා සංවර්ධනය සඳහා වැදගත් වන මෙම පුහුණු වැඩමුළුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගන්නා ලදුව, එකී වැඩසටහන පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දක්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd