(අජන්ත කුමාර අගලකඩ)
තායිලන්තය සිංගප්පූරුව යුරෝපා සංගමය සහ ජපානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මෙරටට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මාස 6ක කාලයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
තායිලන්තයෙන් එන සංචාරකයින්ට මෙරට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කළ යුතු බවට සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමැතිවරුන් කිහිපදෙනෙකු මෙය තායිලන්ත සංචාරකයින්ට පමණක් නොව සිංගප්පූරුව ,ජපානය සහ යුරෝපා සංගමය යන රටවලටද දිය යුතු බව පවසා ඇත.
ඒ අනුව මෙම රටවල් වල සංචාරකයින් සඳහා මාස 6ක කාලයක් තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස යටතේ ගුවන් තොටුපළේදී විසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් on arrival වීසා ගන්න පුළුවන් නේද? එකම වෙනස පොඩ්ඩක් ගාන වැඩියි. රටවල් කීපයක් හැර. අනික් කරුණ මම දන්නා විදියට සිංගප්පූරු ජාතිකයන්ට ලංකාවට වීසා නොමිලේ ලබා ගන්න පුළුවන්. කවුරු හරි දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්න..
යුරෝපයෙන් සහ සිංගප්පුරුවෙන් එන සංචාරකයන්ට කොහොමත් ගුවන් තොටේදී විසා ලැබෙනවා නේ,
තායිලන්තය ගැන විශේෂ කරුණාවක් පහළ වුනේ මොකද මන්දා?
සිංගප්පූරුව හැරුණහම් අනික් කිසිම රටක් ලංකාවේ අපිට ගුවන් තොටුපළේදීම විසා දෙන්නේ නැහැ ඒගැනත් මේ ඇමතිවරු කතා කලානම් නේද හොද.
වෙන්න ඕන මෙකයි, සංචාරකයින් වැඩියෙන් එන රටවල් හදුනාගැනීම මුලින්ම කලයුතුයි. ඒ අනුව ඔන්ලයින් වීසා මාස 1, 2, 3 සහ 6ක් යන කාල සීමාවලට බෙදා ඒ ඒ කාල සීමා අනුව ගාස්තු අයකර ඔන්ලයින් වීසා නිකුත් කල යුතුයි. එවිට ආගමන විගමන අංශයේදී සහ කොළඔදී සංචාරකයින්ට වන රස්තියාදුව අවම කරගත හැකියි. වීසා නිකුත් කිරීමේදී එම රටවල් ලංකාවැසීන්ගෙන් අය කරන ගාස්තුවද සලකා බලා එම රටවලින් එන සංචාරකයින්ගෙන් සමාන මුදලක් ඔන්ලයින් ක්‍රමය තුලින්ම අයකල යුතුයි.