2013 වසරේදී ආරම්භ කරන ලද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිරිඋල්ල ශාඛාව දශකයකට අධික කාලයක් මුළුල්ලේ ඉහළ ගනුදෙනුකාර සේවාවක් සපයා ඇති අතර ප්‍රදේශයේ ගනුදෙනුකාර ජනතාවට වඩා කාර්යක්ෂම බැංකුකරණ අත්දැකීමක් තිළිණ කිරීම සඳහා ගිරිඋල්ල ශාඛාව, කොළඹ පාරේ පිහිටි නව පරිශ්‍රයකදී පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, රෝහණ බණ්ඩාර වීරකෝන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ), නාලිකා විජේසිංහ, සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), ඒ එල් එම් හලීම්, ප්‍රාදේශීය කළමකාරිණී, වින්ද්‍යා විජේවන්ත, ගිරිඋල්ල ශාඛා කළමකාරිණී, මංජුලා සූරසිංහ යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ආරාධිතයන් විසින් මුල්දින තැන්පතු භාරගැනීම සිදු කරන ලද අතර වෛද්‍ය කුසුම් වික්‍රමරත්න මහතා විසින් පළමු මුල් දින තැන්පතුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා වෙත භාරදෙන ලදී. 

වැඩි ඉඩකඩකින් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ATM ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ශාඛාව, ප්‍රදේශයේ ජනතාවගේ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් වඩාත් ඉහළ ගනුදෙනුකාර සේවාවක් සැපයීමට සූදානමින් සිටී.