හසලක සුනිල් ඒකනායක
ග්‍රාමීය කම්මල් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනිමේ අපහසුතාව, එම කර්මාන්තයට අවශ්‍ය ශ්‍රම බලකායක් නොමැතිවීම සහ නිෂ්පාදන සදහා වෙළෙඳ පොළේ ඉල්ලුම අඩුවීම වැනි කරුණු හේතුවෙන් ස්වයං රැකියාවක් වශයෙන් කම්මල් කර්මාන්තයේ යෙදෙන මිනිපේ කම්මල්කරුවෝ දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කියති.
සිංහල රජ සමය දක්වා ඈත අතීතයට දිව යන කම්මල් කර්මාන්තයෙන් රජුගේ සේවයට අවි ආයුධ ගොවියාට, කර්මාන්ත කරුවාට සහ ගෘහයට අවශ්‍ය ගෘහ උපකරණ සැකසු මෙම කම්මල්කරුවාට අද අත්ව ඇත්තේ ඉතා අවාසනාවන්ත ඉරණමක් බව ද මිනිපේ එම කර්මාන්තයේ නියුතු වන්නෝ පවසති.
එදවස මෙම කර්මාන්තයට ඉහළ ඉල්ලුමක් මෙන්ම ප්‍රසිද්ධියක් ද තිබුණි. කම්මල ආශ්‍රීතව රැකියා කළ විශාල පිරිසක් එම කර්මාන්තයෙන් ඉවත් වීමට හේතු වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ එදා කෙතේ සී සෑමට යකඩ නගුල, ගොයම් කැපිමට දෑකැත්ත, කමතේ කටයුතු සදහා අවශ්‍ය උකුණු දැත්ත, හේනේ සහ ගෙවතු ආශ්‍රිත කටයුතු සඳහා කැත්ත, පිහිය, පොරව, උදැල්ල සහ අලවංගුව (යකඩ ඉන්න) ඇතුලු ගොවියාගේ කෘෂි නිෂ්පාදනවලට එකල විශාල ඉල්ලුමක් පැවති කම්මල් කරුවාගේ සේවය අද එම ගොවියාට අවශ්‍ය නැත. කෘෂි කර්මාන්තයට නවීන යන්ත්‍ර සුත්‍ර ලැබිමත් මෙම උපකරණවලට පෙර මෙන් ඉල්ලුමක් නොමැති කමත් ඊට හේතු බව සඳහන් වේ.
මෙම නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවැසි වෙළෙඳපොළක් ප්‍රදේශයේ නොමැතිකම, කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට පහසුකම් ප්‍රදේශයේ නොමැති කම (දුනුකොළ, පොල් කටු) සහ වත්මන් තරුණයා මෙම උපකරණ ආශ්‍රීතව කරනු ලබන ගොවිතැන් ආදියෙන් ඉවත් වීමත් මේ තත්වයට හේතු වී තිබේ.
මෙම නිෂ්පාදනවලට අවශ්‍ය දුනුකොළ එදා ඉතා පහසුවෙන් සහ අඩු මිලකට ලබා ගත්තද අද ඇතැම් කණ්ඩායම් හෝ පුද්ගලයන් ගෙන් ගෙට ගොස් අබලි යකඩ ද්‍රව්‍ය හා පොල් කටු මිලට ගැනීම නිසා එදා තමන්ට මේ දේවල් රැගෙනවිත් දුන් ගැමියා එයින් ඉවත් වී ඇති බවද ඔවුහු කණගාටුවෙන් පවසති.
එපමණක් නොව විදේශීය රටවලින් මෙරටට ආනයන කරනු ලබන තහඩුවලින් සහ බාල ලෝහවලින් නිෂ්පාදිත ප්‍රමිතියෙන් තොර පිහිය, රේක්කය, කැත්ත ආදිය වෙළෙඳපොළේ අඩු මිලට අලෙවියට තිබිම නිසා ඒ කෙරෙහි පාරිභෝගිකයා යොමු විමත් මෙම කර්මාන්තයට හානියකි.
එමෙන්ම දුනුකොළ උණු කර ගැනීමට යොදා ගන්නා පොල් කටුවල මිල ද අද ඉහළ ගොස් තිබෙන නිසා ඒ ආශ්‍රීතවද ගැටලුවක් පවතී. අධික මිලකට දුනුකොළ හා පොල් කටු වැනි දෑ මිලට ගත්තත් එයින් නිෂ්පාදනය කරන උපකරණ අලෙවි කිරීමෙන් නිෂ්පාදනයට වැය වු මුදලවත් තමන්ට අද ලබා ගැනීම අසීරූ බවද ඔවුහු කියති.
මෑත කාලයක් වනතුරුම කම්මල ගොවියාගේ සමීපතම මිතුරා වු අතර එදින තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට ගොවියාට කම්මල කරා ගොස් පැය ගණන් දින ගණන් ගත කිරිමට පවා සිදුවිය.
මිනිපේ ගොවි ජනපදයේ ගම්මාන ගණනාවක කම්මල් කර්මාන්තය එදා දැක ගන්නට ලැබුණත් අද එය හතර -පහකට පමණක් සීමා වීතිබේ. මෙම කරුණු හේතුවෙන් දැනට කම්මල් කර්මාන්තයේ නියුතු පාරම්පරික කර්මාන්තකරුවන් පවසන්නේ මේ පරපුරෙන් පසු නව පරපුරක් බිහි නොවන්ට ඇති ඉඩ බොහෝ බවය.
පාරම්පරික කම්මල් කර්මාන්තයේ නියුතු උල්පතගම පදිංචි බි. ජි. සිරි මෙසේ පැවසීය. මම පාරම්පරික කම්මල් කර්මාන්ත පරපුරකින් පැවත එන කෙනෙක්. අපිට මේ කර්මාන්තය පවත්වාගෙන යාමේදී ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීම, කම්මලේ කටයුතුවලට අත්උදව්කරුවන් නොමැති වීමත් ගැටලුවක්. අත් උදව්කරුවෙක් ගත්තොත් ඔහුට දවසකට රුපියල් 2500/-ක් විතර මුදලක් දෙන්න වෙනවා. දෛනිකව එවැනි මුදලක් ගෙවලා කෙනෙක් ගන්න අමාරුයි. ඒ තරම් වැඩ අද ඇත්තෙත් නැහැ. වැඩක් කර ගන්න කලාතුරකින් තමයි කෙනෙක් එන්නේ. යායේ ගොයම් කපන කාලෙට නම් දෑකැත්තක්, උකුණු දැත්තක් හෝ පිහියක් හදාගන්න ගොවි මහත්තුරු එනවා. ඒ දවස් වලට නම් කීයක් හරි ආදායමක් ලැබෙනවා. හේන් ගොවියාට අවශ්‍ය කැත්ත, උදැල්ල වැනි දෑ හදාගත්තා. අද හේන් ගොවිතැන නැති නිසා ඒ වැඩෙත් අපෙන් ඉවත් වුණා.
මේ නිෂ්පාදනවලට නිසි වෙළෙඳපොළක් නොමැතිකම ප්‍රධාන තැනක් ගන්නවා. ඉතා දුක් මහන්සියෙන් පිහියක්, කැත්තක්, පොරවක්, උදැල්ලක් නිෂ්පාදනය කරලා ඒවා අරගෙන වෙළෙඳපොළට ගියාම ඉල්ලන්නේ සොච්චම් මුදලකට. මේවා කිලෝ මීටර් 20-30 දුර ප්‍රදේශවල පිහිටි සති පෙළවල්වලට අරගෙන යනවා. එහෙම ගිහිල්ලා බඩු ටික අපේ ගානට අලෙවි කර ගන්න බැරි වුණාම මුදලාලි කෙනෙක් ඉල්ලන මුදලට බඩු දීලා එන්න එනවා. සමහර දවස්වලට බඩු නිෂ්පාදනය සඳහා ගිය මුදල හෝ අපේ දින කීපයක මහන්සියවත් මේවා එහෙම විකුණුවාම ලැබෙන්නේ නැහැ. මම කියන්නේ අභාවයට යමින් තිබෙන පාරම්පරික කම්මල් කර්මාන්තය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත වෙනවා. ඒ වාගේම නිසි වෙළෙඳපොළක් ඇති කරන්න ඕන. අවශ්‍ය අමුද්‍රව්‍ය සහන මිලකට ලබා ගැනීමට ක්‍රමවේදයක් සකසන්න ඕන. එහෙම වුණොත් තවදුරටත් මේ කර්මාන්තය අපේ රටේ වාගේම මිනිපේ ගොවි ජනපදයේත් රැකේවී.
පරිසරවේදි ඩබ්ලිව්. ඒ. එම්. විජේසිංහ
කම්මල් කර්මාන්තයට ලබා ඇති කල දසාව දිහා බැලුවාම අපිට හරිම දුකක් ඇති වෙනවා. එදා මේ කම්මල්කරුවා සමාජයේ උසස් පිළිගැනිමකට ලක් වුණා. මොකද මොහු ගැමියාට, ගාහණියට, ගොවියාට, ව්‍යාපාරිකයාට නැතිවම බැරි පුද්ගලයෙක් වුණා. ගොවියාගේ කෘෂි කර්මාන්තයට මොහුගෙන් ලැබුණේ විශාල සේවයක්. මේ ඉල්ලුම නිසා එදා කම්මල්කරුවාට හොඳ ආදායමක් තිබුණා. අනුන්ට අතපෑවේ නැහැ. අද ඒ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ නිසා අද ඔහුට සිදුව ඇත්තේ තම නිෂ්පාදන රැගෙන කරේ තියාගෙන ගෙන් ගෙට ගොස් ඒවා අලෙවි කිරිමට හෝ නගරවල තිබෙන සති පොළට රැගෙන ගොස් අලෙවි කිරිමටයි. ඒ නිසා මේ කම්මල්කරුවා රැක ගැනීමේ වැඩ පිළිවෙළකට රජය යා යුතුයි කියලයි අපිට කියන්න තියෙන්නේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කම්මල් කර්මාන්තයට කුඩම්මාගේ සැලකිලිද?