IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


ඉන්දීය මහ කොමසාරිස්, TVS ලංකා වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට පැමිණේ

හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පෞද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා පැමිණියේය. මෙම සංචාරය අතරතුර, මහකොමසාරිස්වරයා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබාදුන් කළමනාකරුවන් සහ කාර්මික ශිල්පීන් සමග සුහද කතාබහකද නිරත විය.

විශේෂයෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත ලබාදෙන TVS හි කැපී පෙනෙන දායකත්වය ගෝපාල් බාග්ලේ මහතා ඉතා ඉහළින් අගය කළේය.

එහිදී, අනෙකුත් ඉන්දීය ව්‍යවසායන්ද, TVS හි මෙම මඟපෙන්වීම අනුගමනය කරමින්, වත්මන් අර්බුදය සමග කටයුතු කිරීමටත්, මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ රජය සමග අත්වැල් බැඳගනු ඇති බවට ඉන්දීය මහකොමසාරිස්වරයා විශ්වාසය පළ කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සිය කුසලතා, දක්ෂතා සහ සම්පත් අතින් පිරිනැමීමට බොහෝ දේ ඇති බවද මහකොමසාරිස්වරයා අවධාරණය කළේය.

TVS ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාරීත්වය මෙම අවස්ථාවේ මහකොමසාරිස්වරයා දැනුවත් කරමින්, ඉන්දියාවේ TVS මෝටර් සමාගම සමග සහයෝගීතාවෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවට වඩාත් බහුකාර්ය සහ තිරසාර විසඳුම් ගෙන ඒමේ TVS හි සැලසුම් පිළිබඳ විස්තර කළේය.

TVS ලංකා පෞද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය මූලික වශයෙන් ගෝලීය ප්‍රමිතීන්ට සහ ජාත්‍යන්තරව පිළිගත් තාක්‍ෂණික ක්‍රමවේදවලට අනුකූලව කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලද “දේශීය අගය එකතු කිරීමේ” සංකල්පය යටතේ යතුරුපැදි එකලස් කිරීම සඳහා ක්‍රියාත්මක වන්නකි.

රුපියල් මිලියන 500කට වඩා වැඩි ආයෝජනයකින් සංස්ථාපිත කරන ලද මෙම වාහන එකලස් කිරීමේ සංකීර්ණය, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට මෙන්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ටද බොහෝ වෘත්තීය අවස්ථා ලබාදීමටද මාහැඟි මෙහෙවරක් සපයනු ඇත.

මෙහිදී අදහස් දක්වමින්, TVS ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීතාල් ඇන්තනි මහතා මෙසේ පවසා සිටියේය.

“රුපියල අවප්‍රමාණය වීම කළමනාකරණය කිරීම සඳහා දැනට ක්‍රියාත්මකව පවතින ආනයන සීමා කිරීම් මධ්‍යයේ මේ ප්‍රයත්නය විශේෂයෙන්ම කාලෝචිත එකක් බව අප තරයේ විශ්වාස කරනවා. එහිදී, වෙළෙඳපොළ ප්‍රමුඛයා වශයෙන්, කාලයාගේ ඇවෑමෙන් ආනයනික අවශ්‍යතාව අවසන් කර, ශ්‍රී ලංකාව යතුරුපැදිවලින් ස්වයංපෝෂිත කිරීමටද TVS කැපවී සිටිනවා.”

මීට වසර 20කට පෙර එහි ආරම්භයේ සිටම, TVS ලංකා පෞද්ගලික සමාගම 2016 වසරේ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී “වසරේ විශිෂ්ටතම සන්නාමය” යන සම්මානය ඇතුළු බොහෝ ඇගයීම්වලින් පිදුම් ලබා ඇත.

595



අදහස් (0)

ඉන්දීය මහ කොමසාරිස්, TVS ලංකා වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට පැමිණේ

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 68 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 24 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 353 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 210 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 515 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1976 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site