IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


Unique ඉන්ඩස්ට්‍රියල් සොලියුෂන් සමාගමට Pinnacle සම්මාන දෙකක්

සුරක්ෂිතතා උපාංග සහ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Unique Industrial Solutions  පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka  සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරක්ෂිතතා විසඳුම් හා උපාංග සැපයුම්කරු (සුරක්ෂිතතා අංශය) සහ වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (සුරක්ෂිතතා උපාංග සැපයුම්කරු) යන සම්මානවලින් පිදුම් ලැබුවේය. 
2016දී ඇරැඹූ Unique Industrial Solutions  සමාගම උසස් තත්වයේ සුරක්ෂිතතා සහ පාරිසරික විසඳුම් සැපයීම පිළිබඳව කීර්තියක් දිනා ඇත. පෞද්ගලික ආරක්‍ෂක උපාංග සඳහා වන 3M, වැටීම් ආරක්‍ෂක උපාංග සඳහා වන Life Gear, වායු හඳුනා ගැනීම සඳහා වන Watch Gas  වැනි ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමවල බලය ලත් බෙදාහැරීමේ නියෝජිතයා ලෙසද එම සමාගම කටයුතු කරයි. 

අපජලය පිරිසුදු කිරීම, රිවර්ස් ඔස්මොසිස් පද්ධති වැනි සේවාද සපයන  Unique Industrial Solutions  පරිසර ආරක්ෂණ ව්‍යාපෘති දියත් කරන සමාගම් අතර ප්‍රමුඛයෙක් වේ. තිරසාරත්වයට ප්‍රමුඛතාව දෙමින් පරිසර දූෂණය අවම කිරීමටත්, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමටත් කැප වී සිටින එම සමාගම දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද සම්මාන සහ ඇගැයීම් රැසක් ලබා තිබේ. සුරක්ෂිතතා රටාව වැඩි දියුණු කිරීමට සිය පාරිභෝගිකයන් වෙනුවෙන් කාර්මික පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ පුළුල් සමීක්ෂණ සිදු කිරීම එම සමාගමේ සුවිශේෂ ලක්ෂණයකි. බහු ජාතික සමාගම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන සමාගම්වලට සේවා සපයන  Unique Industrial Solutions  මේ වසරේදී GLAMMER, BRAVO සහ TUSKER යන සන්නාමවලින් ඔවුන්ගේම ආරක්‍ෂිත සපත්තු වර්ග තුනක් හඳුන්වා දීමට සැළැසුම් කර ඇත.



අදහස් (0)

Unique ඉන්ඩස්ට්‍රියල් සොලියුෂන් සමාගමට Pinnacle සම්මාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site