IMG-LOGO

Unimo සමාගමෙන් නව JMEV ELIGHT සෙඩාන් මෝටර් රථය මෙරටට

 

  • වරක් ආරෝපණයෙන් කි.මී 530 ක දුරක් ධාවනය කළ හැකියි

United Motors Lanka PLC  පුර්ණ අනුබද්ධිත Unimo Enterprises Limited  ආයතනය JMEV ELIGHT EV Sedan  විද්‍යුත් මෝටර් රථය හඳුන්වා දීම පසුගියදා සිදුවිය.

තිස් වසරකට වැඩි මෝටර් රථ ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් සන්නද්ධ Unimo ආයතනය, ඉහළ ගුණාත්මක තත්වයේ නවීන මෝටර් රථ අලෙවියෙන්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගුකාලීන පුරෝගාමීයකු ලෙස කටයුතු කරයි. මේ වනවිටත්, ඔවුන් SERES විද්‍යුත් මෝටර් රථ ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී රියදුරන් සදහා මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

Unimo ආයතනයේ  ශාඛා මහනුවර, නුගේගොඩ, මාතර, කුරුණෑගල, බොරැල්ල සහ රත්නපුර යන නගරවල ව්‍යාප්තව ඇති අතර දිවයින පුරා පුළුල් සේවා ජාලයෙන් අලෙවියෙන් පසු සේවා පහසුකම් සලසයි.

පාරිභෝගික පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, UML ජංගම යෙදුම (Mobile app) හරහා සේවා වෙන්කරවා ගැනීමට, අමතර කොටස් සහ අනෙකුත් උපකාරක සේවා ලබාගැනීම පහසු කර ඇත.

JMEV ELIGHT EV Sedan රථය 63kWh NCM (Nickel Cobalt Manganese) බැටරියක් සහිතව සකසා ඇති අතර බැටරිය ඉහළ ධාරිතාවක් දරමින්  දිගු කාලයක් රදා පවතී. ඒ මෙන්ම උසස් තාප ස්ථායිතාවක් ඇති බැවින්, දිගු දුර ධාවනයක් සහ වැඩි ආරක්ෂාවක් සහතික කරයි. රථයෙහි 118 kW උපරිම බලශක්තියක් නිපදවිය හැකි අතර DC විදුලි ආරෝපණය මගින් බැටරිය සියයට 30  සිට  සියයට 80 දක්වා මිනිත්තු 27 ක් වැනි කෙටි කාලයකින් ආරෝපණය කළ හැක. එබැවින් මෙම රථය දිගු දුර ගමන් සඳහා ද ඉතා සුදුසුවේ.

මෙම මෝටර්  රථයේ පවතින සුවිශේෂී අංග,ස්වයංක්‍රීය වේග පාලනය (Cruise Control), වාහනය නවතා ඇතිවිට  පිටුපසින් එන බාධක හඳුනා ගැනීමට ඇති  සංවේදක, අංශක 360ක කැමරා  දෘශ්‍යපථය, යතුරු නැතිව වාහනය දොර විවෘත කිරීම  සහ  Push Start ක්‍රමය, උසස් තත්වයේ ස්පීකර් 6ක් සමග අනර්ඝ ශබ්ද පද්ධතිය, ABS, EBD, ESC, EBA, HSA  යන නවීන ආරක්ෂක පහසුකම් හා තවත් බොහෝ අංගයන්.

මෙම සුවිශේෂී අංගයන් මගින් ඉහළ මට්ටමේ ආරක්ෂාව, සුවපහසුව, විනෝදාස්වාදය සහ මනා සංයමයකින් රිය පැදවීමේ හැකියාව සහතික කරයි.

ELIGHT EV Sedan  මෝටර් රථය නිපදවන JMEV වෙළෙඳ නාමය, JMCG මෝටර් රථ සමාගමට අයත් දෙවැනි නිමැයුම වන අතර, JMCG යනු ජාත්‍යන්තර මෝටර් රථ කර්මාන්තයේ ප්‍රබල සමාගම් කිහිපයක් අතරින් ඇමරිකා, ජපන් සහ යුරෝපිය  තාක්ෂණික සහයෝගිතාව මත ක්‍රියාත්මක වන සුවිශේෂී ආයතනයක් වේ.

මේ වන විට JMCG මෝටර් රථ සමාගම රටවල් 115කට අධික ගණනකට වාහන අපනයනය කරමින්, ලොව පුරා පාරිභෝගික ජනතාව අතර විශ්වාසය දිනාගත් රථ වාහන සන්නාමයක් බවට පත් ව ඇත. මෙම JMC සමූහයේ  JMEV යනු එහි විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන අංශයයි.   JMEV  සන්නාමය එම සමාගමේ තිරසාර ගමන් මගෙහි එක් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

2015 දී ආරම්භ වු  JMEV , ඉතා කෙටි කාලයකින් ආනයනික අලු‍ත් වාහන වෙළෙඳපොළේ ප්‍රමුඛයෙකු  බවට පත් ව ඇත. අද වනවිට, JMEV  විසින් එක්සත් ජනපදය ඇතුළු රටවල් 20කට අධික ගණනකට මෝටර් රථ විශාල වශයෙන් අලෙවි කර ඇත.

ශ්‍රී ලංකාවේදී ,පසුගිය අවුරුදු 17ක කාලය තුළ JMC සමාගමේ  ICE  රථ වාහන 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවිය සිදු කර ඇත.

මෙම මෝටර් රථ සඳහා අමතර කොටස් හා සේවා Unimo Enterprises Ltd විසින් United Motors නමින් දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාල හරහා අලෙවියෙන් පසු සේවා සිදු කරනු ලබයි.

 



අදහස් (0)

Unimo සමාගමෙන් නව JMEV ELIGHT සෙඩාන් මෝටර් රථය මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 124 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 340 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 154 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site