IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී.

එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනකු වෙනුවෙන් ගෞරව ප්‍රණාම පිරිනැමිණි.Toyota Genuine Motor Oil, Toyota Genuine අමතර කොටස්, PIRELLI, Acceleraසහ OtaniTyresමෙරට තුළ බෙදාහැරීමේදී ප්‍රමිතිගත සේවාවක් සහතික කිරීම වෙනුවෙන් එම අලෙවි නියෝජිතයන් විසින් දක්වන ලද මෙහෙවර ඇගයීම සඳහා මෙම සමුළුව කදිම වේදිකාවක් විය.

මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සුදුසුකම් සපුරන ලද ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කළ අතර බලයලත් අලෙවි නියෝජිත කාණ්ඩයේ  ජයග්‍රහණය Auto World (Pvt) Ltd විසින් දිනා ගන්නා ලදී. විශිෂ්ටතම බලයලත් අමතර කොටස් අලෙවි නියෝජිතයාට හිමි සම්මානය  Viskam Motors Service Center (Pvt ) Ltd වෙත හිමි වූ  අතර හොඳම සේවා දාමය  ලෙස  Sterling Automobiles Lanka (Pvt) Ltd සම්මාන දිනා ගත්තේය.  Toyota Genuine Motor Oil කාණ්ඩය යටතේ A.R. Molly (Pvt) Ltd ජයග්‍රහණය දිනා ගත් අතර බස්නාහිර පළාතේ ටයර් සහකරුට හිමි ජයග්‍රහණය හිමිවූයේ U & H Wheel Service (Pvt) Ltd වෙතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝලාර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින අපගේ හවුල්කරුවන් විසින් ලබාදෙන සුවිශාල දායකත්වය ඇගයීමට අවස්ථාවක් ලැබීම මට ගෞරවයක්. නියම Toyota නිෂ්පාදන බෙදාහැරීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීමෙන් අප සමාගම විශිෂ්ට, ගුණාත්මක සහ ප්‍රමිතිගත සේවාවක්  සහතික කිරීම කෙරෙහි දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරනවා. අපගේ මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව නවෝත්පාදනය සහ ඉහළම පාරිභෝගික තෘප්තිය සාක්ෂාත් කරගනිමින් අප එක්ව ඉදිරියට ගමන් කරනවා ."

අලෙවි නියෝජිතයන්ගේ උත්සහවන්තබව සහ කැපවීම පිළිබඳ සිහිපත් කරමින් Toyota Lanka හි සභාපති Sachio Yotsukuraමහතා මෙසේ සඳහන් කළේය. "වසර ගණනාවක් පුරා අප සමාගම විසින් ගොඩනඟා ඇති ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳව අපගේ 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව කදිම සාක්ෂියක්. අපි සියලුම ජයග්‍රාහකයන් වෙත හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී නිෂ්පාදන සහ සේවා ලබා දීම වෙනුවෙන්  අඛණ්ඩව සහයෝගයක් ලබාදෙන අපගේ බලයලත් හවුල්කරුවන් වෙත අපගේ ප්‍රණාමය පුද කරනවා."

-595



අදහස් (0)

Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1263 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site