IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


Thimark Technocreations කෙන්යාවේ National Power Company (KenGen) සමග ව්‍යාපෘති ගිවිසුමකට

ISO 9001:2015 ජාත්‍යන්තර තත්ව සහතිකය ලැබූ Thimark Technocreations  පෞද්ගලික සමාගම කෙන්යාවේ National Power Company (KenGen)  සමග අමෙරිකානු ඩොලර් 156,000ක ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වේ. මෙය ශ්‍රී ලාංකික ඉංජිනේරු සේවා සැපැයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මේ යටතේ Thimark Technocreations සමාගම KenGen සමාගම වෙනුවෙන් KILGHARRAH 600  නමින් හඳුන්වන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යා හැකි Hydraulic Trash Rack Cleaning  යන්ත්‍රයක් සැලසුම් කිරීම, නිෂ්පාදනය, ප්‍රවාහනය, ස්ථාපනය, සහ ක්‍රියාත්මක කිරීම සිදු කිරීමට නියමිතය. 
ඊට අදාළ සෑම ක්‍රියාවලියක්ම ජාත්‍යන්තර ප්‍රමිති අනුව සිදු කෙරේ. ගෝලීය වශයෙන් පිළිගත් විදුලි යාන්ත්‍රික සහ ස්වයංක්‍රියකරණ ඉංජිනේරු විසඳුම් සැපැයීමට Thimark Technocreations  සතු හැකියාව මෙමගින් තහවුරු වේ. එවැනි යන්ත්‍රයක් ශ්‍රී ලංකාව තුළ සැලසුම් කළ සහ නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂ වේ.
“මෙම ව්‍යාපෘතිය දිනා ගැනීමට හැකි වීම Thimark Technocreations  අප පමණක් ලැබූ ජයග්‍රහණයක් නොවෙයි. එය ශ්‍රී ලාංකික ඉංජිනේරු විශිෂ්ටත්වය ගෝලීය මට්ටමින් විදහා දක්වන්න ලැබුණු වටිනා අවස්ථාවක්. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ඉහළ වටිනාකමක් සහිත ඉංජිනේරු විසඳුම් සැලසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලාංකික සමාගම්වලට හැකියාව තිබෙන බව මේ තුළින් තහවුරු වෙනවා.” Thimark Technocreations  ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ තරංග මාරසිංහ පැවැසීය. 
Steel Fabrication  සේවා සපයන සමාගමක් ලෙස ආරම්භ වූ Thimark Technocreations  වර්තමානයේදී කාර්මික යන්ත්‍රෝපකරණ හා ජල ක්ෂේත්‍ර විසඳුම්වල (Sludge Scrapers, Trash Cleaners, Sluice Gates) සිට DPMC (Bajaj), Senaro, Dyno, NWOW, Lencar, Ranomoto  වැනි වාහන එකලස් කිරීමේ සන්නාම සඳහා අවශ්‍ය උපාංග නිෂ්පාදනය දක්වා ව්‍යාපාරය පුළුල් කර ඇත. කෙන්යානු ව්‍යාපෘතිය දිනා ගැනීමෙන් නිර්මාණකරණ, ස්වයංක්‍රියකරණ, FEM විශ්ලේෂණ මෘදුකාංග යොදා ගනිමින් සිදු කරන ව්‍යුහාත්මක වලංගුකරණ වැනි අංශවලට අදාළව ඔවුන් සතු විශේෂඥතාව තහවුරු වේ. අප්‍රිකානු කලාපයේ කැපී පෙනෙන රටක් වන කෙන්යාවට සේවා සැපැයීමට අවස්ථාව ලැබීමෙන් කළාපීය වෙළෙඳපොළ වෙත පිවිසීමටද හැකි වනු ඇත. 
“මේ තුළින් ගෝලීය වශයෙන් තරග කරන්න අප සතු හැකියාව පිළිබිඹු වෙනවා වාගේම ලංකාවට සැලකිය යුතු විදේශ විනිමයක් ලැබෙනවා. අපේ රටේ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව ගෝලීය වශයෙන් ඇති පිළිගැනීම ඉහළ නංවන්නටත්, නව්‍යකරණය ප්‍රවර්ධනය කරන්නටත් අපට හැකි වෙනවා.” තරංග මාරසිංහ වැඩි දුරටත් පැවැසීය. Thimark Technocreations  ඉදිරියේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළට මගී වාහන සංවර්ධන සහ නව්‍ය නිෂ්පාදන විසඳුම් සේවා සපයමින් ව්‍යාපාරය පුළුල් කිරීමට සැලසුම් කර ඇත. මෙරට අනාගත කාර්මික වර්ධනය ඇති කිරීම සඳහා විප්ලවීය භූමිකාවක් ඉටු කිරීම එම සමාගමේ ප්‍රධාන අරමුණයි.



අදහස් (0)

Thimark Technocreations කෙන්යාවේ National Power Company (KenGen) සමග ව්‍යාපෘති ගිවිසුමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site