IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


Techno ප්‍රදර්ශනයේ මෙවරත් ප්‍රධාන අනුග්‍රාහකයා SLT-MOBITEL

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන  SLT-MOBITEL, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන Techno ප්‍රදර්ශනය වෙනුවෙන් යළිත් වරක් එම ආයතනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරනු ඇත. 
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය ලෙස සැලකෙන Techno ප්‍රදර්ශනය මෙවරිසුහුරු දේශයක් සඳහා ඉංජිනේරුකරණය’  (‘Engineering for a Smart Nation)   යන තේමාව යටතේ පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය රට තුළ ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාව අනාගත තාක්ෂණික අභියෝගවලට සූදානම් කරවීම අරමුණු කරගත් ඉංජිනේරු හා තාක්ෂණික නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා සුදුසුම වේදිකාවක් ලෙස සැලකේ. 

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේදී SLT-MOBITEL  ප්‍රධාන විධායක නිලධාරී ජානක  අබේසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙත අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවටSLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතාද එක් විය. 
Techno 2025 ප්‍රදර්ශනය 2025 ඔක්තෝබර් 10 සිට 12 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. එහිදී SLT-MOBITEL  විසින්ද නවතම තාක්ෂණික විසඳුම් සහ ඩිජිටල් නවෝත්පාදන රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, මෙය තාක්ෂණ හා සම්බන්ධතා ක්ෂේත්‍රවල අනාගතය දැකගැනීම සඳහා මෙරට ජනතාවට ලැබෙන මහඟු‍ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ. 

 



අදහස් (0)

Techno ප්‍රදර්ශනයේ මෙවරත් ප්‍රධාන අනුග්‍රාහකයා SLT-MOBITEL

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site