IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


Tea Avenue ඉන්දියාවේ මෙහෙයුම් අරඹයි

  • 2035 වනවිට ලොව පුරා ශාඛා 200ක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් 

පරම්පරා හතරකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ අවන්හල් ජාලය වන Tea Avenue නිල වශයෙන් ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීම පසුගියදා නිවේදනය කළේය. Franchise India  සමූහයට අයත්  FranGlobal  සමඟ එක්ව මෙම ඉන්දීය වෙළෙඳපොළට ප්‍රවේශවන අතර, ශ්‍රී ලංකාවෙන් පිටත Tea Avenue  ශාඛාවක් අරඹන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. ලොව ඉහළම ගතිකත්වයකින් යුතු තේ වෙළෙඳපොළක්වන ඉන්දියාවට පිවිසීමත් සමඟ වර්ෂ 2035 වනවිට ලොව පුරා Tea Avenue  ශාඛා 200කට වැඩි ගණනයක් විවෘත කිරීම සමාගමේ සැලසුම වී තිබේ. 

වර්ෂ 2014දී ද සිල්වා පවුල කොළඹදී ආරම්භ කරන ලද Tea Avenue  හි ඉතිහාසය වර්ෂ 1936 දක්වා අතීතයට දිවයයි. සාම්ප්‍රදායික තේ ව්‍යාපාරයක සිට උරුමය සහ නූතනත්වය හොඳින් මුහු කරගත් නව අවන්හල් සංකල්පයක් ලෙස Tea Avenue  විවෘත කෙරුණි. ඊටම අනන්‍ය වූ තේ වර්ග සහ නවීන මෙනුවකින් ද සුවපහසු අවන්හල් පරිසරයකින් ද සමන්විත Tea Avenue  ලාංකිකයන් අතර මෙන්ම විදෙස් සංචාරකයන් අතර ද විශාල ජනප්‍රියත්වයක් අත්කරගැනීමට සමත්විය. 

අපේ සන්නාමය අතීත උරුමය මත ගොඩනැඟී තිබුණත්, වර්තමාන ජන ජීවිතයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා. එහිදී ඉන්දියාව සෑමවිටම අපේ ආකර්ෂණය දිනාගත් වෙළෙඳපොළක්.  FranGlobal  හි හවුල්කාරීත්වයත් සමග මෙය හුදෙක් වයාපාර ප්‍රසාරණයකට වඩා අපේ සාර්ථකත්වයේ කතාවේ දිගුවක් ලෙස ඉන්දියානු ප්‍රවේශය හැඳින්විය හැකියි යනුවෙන් Tea Avenue  නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සජීව් ද සිල්වා මහතා පැවසුවේය. 

ඒ අනුව ඉදිරි මාස 12-18 කාලය තුළ නවදිල්ලිය, මුම්බායි සහ බැංගලෝර් යන නගරවල Tea Avenue  ශාඛා ආරම්භ වීමට නියමිත ය. ඒවා ප්‍රමුඛ අවන්හල් ලෙස මෙන්ම කුඩා kiosks  යන්ත්‍ර සහ හෝටල් ආශ්‍රිත තේ අවන්හල් ආදී ලෙස පුළුල් පරාසයකින් විවිධ වෙළෙඳපොළවල් සහ ආයෝජන මට්ටම්වලට ගැළපෙන ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇත. අවන්හල්වලට අමතරව Tea Avenue  සන්නාමය යටතේ තේ නිෂ්පාදන, විශේෂ මිශ්‍ර කළ තේ, තෑගි භාණ්ඩ ආදිය ද ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වාදෙනු ඇත. 

උසස්ම තේ රසවින්දන අත්දැකීමකට සමපාතවන ගෝලීය සන්නාමයක් ලෙස Tea Avenue  ස්ථානගත කිරීම අපේ බලාපොරොත්තුවයි. Tea Avenue හි මව් සමාගමවනEmpire Teas  සමාගම යනු වසර 25ක් මුළුල්ලේ ක්‍රියාත්මක වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 14කට වැඩි ගණනක් රටවල් 120කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරන දැවැන්ත සමාගමක්. එනිසා තේ රසවිඳීම සම්බන්ධයෙන් ගෝලීය විශේෂඥතාවක් අප සතුයි. වර්ෂ 2035වනවිට ඉන්දියාව පෙරටු කරගනිමින් ගෝලීය වශයෙන් තේ අවන්හල් 200ක් ආරම්භ කිරීම අපේ ඉලක්කයයි. මෙය හුදෙක් ඉලක්කම් අරමුණු කරගත් ඉලක්කයක් නොවේ. ඊට එහාට ගොස් සැබෑ, රසවින්දනාත්වක සහ අන්තර්ජාතික තේ සංස්කෘතියක් ලොවට හඳුන්වාදීමට දරන ප්‍රයත්නයක්, යනුවෙන් Tea Avenue  ප්‍රධාන විධායක නිලධාරී ජීවක ලියනගේ මහතා ප්‍රකාශ කළේය. 

 

 



අදහස් (0)

Tea Avenue ඉන්දියාවේ මෙහෙයුම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site