IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


Tata Motors සහ DIMO එකතුවෙන් Tata නවතම වෙළෙඳ වාහන පෙළ ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ විශාලතම වෙළෙඳ වාහන නිෂ්පාදකයා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන  Tata Motors, මෙරට Tata  රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO  සමගින් නවතම වෙළෙඳ වාහන 10ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම රථ පෙළ මගී සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිර්මාණය කර ඇති අතර  ලංකාවේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා මනාව යෝග්‍ය වේ. මෙම නවතම වෙළෙඳ රථ පෙළ  Tata  සමාගමේ උසස් ක්‍රියාකාරීත්වයෙන් යුතු ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා දක්වන නිපුණතාව පිළිබිඹු කරන අතර ඕනෑම තත්වයකට සුදුසු මෙම  Tata  වෙළෙඳ වාහන ඉහළ කාර්යක්ෂමතාවක් සහ උපරිම සුවපහසුවක් ද පාරිභෝගිකයාට ලබා දෙයි.

Tata Motors  හි විධායක අධ්‍යක්ෂ ගිරිෂ් වාග් මහතා ප්‍රකාශ කළේ මෙරට වෙළෙඳපොළ සම්බන්ධයෙන් අපි සතු අවබෝධයත්, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍රයේ වර්ධනය සලකා බලමින් මෙම වෙළෙඳ වාහන පෙළ හඳුන්වා දී ඇති බවත්ය. මෙම වැඩි දියුණු කළ වෙළෙඳ වාහන රථ පෙළ මගින් උසස් ක්‍රියාකාරීත්වයක් සහ ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන්ට ලබා දෙනු ඇත. DIMO සමඟ දශක 6කට අධික සහයෝගිතාව සමගින් මෙම රථ පෙළ ලංකාවේ වෙළෙඳ ප්‍රවාහන ක්ෂේත්‍රය නව තලයකට යොමු කරමින් රටේ සංවර්ධනයට දායක වන බව තමා විශ්වාස කරන බවත් ඔහු තව දුරටත් පැවසුවේය.

DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ, DIMO සහ Tata Motors  සහයෝගීතාව දීර්ඝ කාලයක් පුරාවට මෙරට වෙළෙඳ වාහන ක්ෂේත්‍රය නව මානයකට යොමු කර ඇති බවයි. මෙම රථ පෙළ සුපිරි ඉංජිනේරු තාක්ෂණයෙන් යුතුව  අනාගත ප්‍රවාහන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙරටට හඳුන්වා දී ඇති අතරDIMO හි විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සමගින් පාරිභෝගිකයාට මෙම රථ පෙළ හරහා උපරිම සේවාවක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. DIMO සමාගම Tata Motors  සමග ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය තිරසාර සංවර්ධනයක් කරා රැගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන විසඳුම්
Ultra ට්‍රක් රථ පෙළ  T.7, T.9, T.12, T.14, සහ 1918.T යන මාදිලි වලින් සමන්විත වේ. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක්, ඉහළ ක්‍රියාකාරිත්වයක් සහ පහසුවෙන් හැසිරවීමේ හැකියාව සමඟ ඉහළ කාර්ය සාධනයකින් යුක්ත වේ.

Prima 5530.S සහ Signa 5530.S prime movers  ඉහළ තාක්ෂණයෙන් සමන්විත වන අතර ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවකින්, ආරක්ෂිත විශේෂාංග වලින් සහ ඉහළ කාර්ය සාධනයකින් යුක්ත වේ. මෙම  prime movers රථ පෙළ භාණ්ඩ ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රවාහන සේවා සඳහා යෝග්‍ය වේ.

මගී ප්‍රවාහනය සඳහා වන විසඳුම්
LPO 1622 Magna  බස් රථ - ඉහළ ක්‍රියාකාරීත්වය සහ ආයෝජනයට සරිලන ඉහළ ප්‍රතිලාභ ලබා දෙයි..Electronic Stability Control  වැනි ආරක්ෂිත විශේෂාංග, air suspension  මගින් ආරක්ෂාව සහ සුවපහසුව තහවුරු කරයි. මෙම බස් රථ දීර්ඝ ධාවනය සඳහා මනාව යෝග්‍ය වේ.
කාර්යක්ෂම කාර්යාල ප්‍රවාහන සේවයක් සඳහා  Ultra Prime LPO 8.6 සහ LPO 11.6 බස් රථ හඳුන්වා දී තිබේ. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ ආසන 34 සහ 40කින් යුත් මෙම බස් රථ උපරිම සුවපහසුව, ආරක්ෂාව සහ අඩු පිරිවැයකින් යුක්ත වේ.

පාරිභෝගික සේවාව
මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවා ඇති DIMO  සේවා මධ්‍යස්ථාන හරහා නියම අමතර කොටස් සඳහා පහසු ප්‍රවේශයක් සහ වාහන සේවා සඳහා උපරිම පාරිභෝගික සේවාවක් ලබා දෙයි.

පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් ලබා දීමේ අරමුණින් සමහර මාදිලි සඳහා අවුරුදු 3ක් හෝ කිලෝ මීටර 300,000ක දීර්ඝ කරන ලද වගකීමේ සහතිකයක් ද ලබා දෙයි.

වෙළෙඳ වාහන නඩත්තුව සඳහා වාහන හිමියන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වාර්ෂික සේවා කොන්ත්‍රාත්තු ද වාහන හිමියන්ට මෙහිදී ලබා ගත හැක.

ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක් තුළ සාර්ථක අලෙවියක් වාර්තාවන  Tata Motors  හි වෙළෙඳ වාහනsub-1-tonne mini  ට්‍රක් රථවල සිට  60-tonne heavy-duty  ට්‍රක් රථ මෙන්ම ආසන 9 සිට 71 දක්වා මගී ප්‍රවාහන විසඳුම් දක්වා  වූ පුළුල් පරාසයක විහිදේ. වෙළෙඳ වාහන පිළිබඳ දශක 07කට අධික පළපුරුද්දක් ඇති  Tata  සමාගම, ඉංජිනේරු ශිල්පය සහ ගෝලීය නවෝත්පාදන මත පදනුම් වූ නිෂ්පාදන තුළින් කාර්ය සාධනය, කල්පැවැත්ම සහ සම්පූර්ණ පිරිවැය කාර්යක්ෂමතාව අඛණ්ඩව සහතික කරයි.

 



අදහස් (0)

Tata Motors සහ DIMO එකතුවෙන් Tata නවතම වෙළෙඳ වාහන පෙළ ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site