ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රකට තුන්ඉරියව් ක්‍රීඩක තිළිණ තුෂාර මිරැන්ඩෝගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද TTM 97 ක්‍රිකට් ඇකඩමිය, ඉකුත් 15 වැනිදා ඇල්පිටිය නගර මධ්‍යයේදී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.

එම ආරම්භක උත්සවය සඳහා 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, හෂාන් තිලකරත්න, රවීන්ද්‍ර පුෂ්පකුමාර මෙන්ම, ජාතික කණ්ඩායමේ හිටපු නායක උපුල් තරංග සහ ප්‍රහාරාත්මක පිතිකරු ඩිල්ෂාන් මුණවීර යන ක්‍රීඩකයන් ද විශේෂ ආරාධිතයෝ ලෙස සහභාගී වූහ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපාර්ශ්වය සඳහාම විවෘත වන මෙම ඇකඩමිය හරහා දක්ෂතාවලින් පිරිපූර්ණ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වීමේ වරම් ද හිමිවන බව සංවිධායකයෝ පවසති. 

මෙහිදී තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාක්ෂණික උපදෙස් සහ පුහුණුව ලබාදීම සඳහා සුදුසුකම්ලත් ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පුහුණුකරුවන් රැසකගේ දායකත්වය ලැබීමට නියමිත ය.