Janashakthi Life විසින් ‘Janashakthi Life Grand Legacy’ නමින් නව රක්ෂණ විසඳුමක් හඳුන්වා දී තිබේ. මෙය මුත්තණුවන්ට සහ මිත්තණියන්ට තම මුනුබුරු මිනිබිරියන් වෙනුවෙන් අර්ථවත් ත්‍යාගයක් ලෙස ජීවිත රක්ෂණයක් තිළිණ කිරීමට අවස්ථාව උදා කර දෙන සුවිශේෂී සංකල්පයක් මූලික කරගත් හඳුන්වාදීමකි.
‘ජීවිතයේ අනපේක්ෂිත අවදානම් හමුවේ මූල්‍ය රැකවරණය සැලසීම’ යන සාම්ප්‍රදායික අරමුණෙන් ඔබ්බට යන Grand Legacy රක්ෂණය, තමන් ඉතිරි කරන උරුමය මතු පරපුරට සැබවින්ම අර්ථවත් යමක් බවට පත්කරයි. එමෙන්ම මෙය මුත්තණුවන්ට සහ මිත්තණියන්ට තම මුනුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපනය, වෘත්තීය අභිලාෂ සහ අනාගත අරමුණු සඳහා දායක විය හැකි සුවිශේෂී අවස්ථාවක් උදා කර දෙයි.
තම මුනුබුරු මිනිබිරියන්ට වඩාත් යහපත් අනාගතයක් උදා කර දීමේ ආශාව, මුත්තණු මිත්තණියන් තුළ ස්වාභාවිකවම ඇතිවන්නකි. Grand Legacy එම ආශාව මූල්‍යමය මානයක් වෙත රැගෙන යමින්, තම ළබැඳි අනාගත පරපුර වෙනුවෙන් සැබෑම වටිනාකමක් නිර්මාණය කිරීමට මාවතක් විවර කර දෙයි.
මීට පෙර Janashakthi Life විසින් ජීවිත රක්ෂණ ආවරණයේ උපරිම සීමාව වයස අවුරුදු 80 දක්වා දීර්ඝ කරන ලදි. එම පුරෝගාමී ප්‍රවේශයට පදනම් වූ අභිලාෂ මතම Grand Legacy විසඳුමද ගොඩනැංවී තිබේ. මෙමගින් ජීවිතයේ සැඳෑ සමයේ සිදු කරන මූල්‍ය සැලසුම්කරණය පෞද්ගලික රැකවරණයේ සීමාවෙන් ඔබ්බට ගොස්, තුන්වැනි පරම්පරාව ද ඇතුළුව අනාගත පරම්පරාවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කිරීම දක්වා පුළුල් අවකාශයක් කරා විහිදී යයි.
Grand Legacy මගින් පවුලේ වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නම්‍යශීලී, කෙටිකාලීන සිට මධ්‍යකාලීන දක්වා වූ ආයෝජන විකල්ප තෝරාගැනීමට අවස්ථාව ලබා දෙන අතර, ජීවිතයේ පසුකාලීන අවධියකදී ජීවිත රක්ෂණයක රැකවරණය ලබාගැනීමටද අවස්ථාව සලසා දෙයි. මේ තුළින් මුත්තණුවන්ට සහ මිත්තණියන්ට තම අවශ්‍යතා මෙන්ම තම මුනුබුරු මිනිබිරියන්ගේ අවශතාද සැලකිල්ලට ගනිමින්, වඩාත් පැහැදිලි අරමුණක් සහිතව මූල්‍ය සැලසුම්කරණය කිරීමට හැකියාව ලැබේ.
මේ සම්බන්ධයෙන් Janashakthi Life හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ අදහස් දැක්වීය. “අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා අනුව නව්‍ය ජීවිත රක්ෂණ විසඳුම් හඳුන්වා දීම කෙරෙහි Janashakthi Life සෑමවිටම අවධානය යොමු කර තිබෙනවා. Grand Legacy යනු එම ප්‍රවේශයේ තවත් පියවරක්. මෙය මුත්තණුවන් සහ මිත්තණියන් තම මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන් දක්වන ආදරය, ඔවුන්ගේ අනාගතය සෞභාග්‍යවත් කරන අර්ථවත් මූල්‍ය සැලසුමක් පරිවර්තනය කරනවා. රක්ෂණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යමින්, පරම්පරා ගණනාවක් පුරා පවුල්වල ඉලක්ක හා අරමුණු සපුරාලන විසඳුම් හඳුන්වා දීමට අප දක්වන කැපවීම එමගින් පිළිබිඹු වෙනවා. Grand Legacy මඟින් මුත්තණුවන්ට හා මිත්තණියන්ට තම ජීවිත කාලය තුළ ගොඩනඟාගත් උරුමය ඉදිරි පරම්පරාවන් වෙත අර්ථවත් ලෙස පවරා දීමට හැකියාව ලැබේවි.”
ලංකාවේ පවුල් මේ වන විට මූල්‍ය රැකවරණය, අනාගතය අභිලාෂ සහ අන්තර්-පාරම්පරික සැලසුම්කරණය දෙස අලුත් ඇසකින් බැලීමට යොමුවෙමින් සිටිති. මෙම තත්වය හමුවේ ජීවිත රක්ෂණය රැකවරණය කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට රැගෙන යාම සඳහා Janashakthi Life දරන අඛණ්ඩ උත්සාහය මෙම හඳුන්වාදීමෙන් මැනැවින් පිළිබිඹු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd