IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


Sun Siyam පාසිකුඩා වෙතින් විශේෂ වැඩසටහනක්

Sun Siyam Pasikudah හෝටලය මගින් Island Soul නමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද තෙදින සුවතා සහ සංස්කෘතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. සංචාරකයන්ට ආත්මීය සුවතාවක් ගෙනදෙන මෙන්ම ආහාරපාන හා බැඳුණු සහ සතිමත්බවින් පිරුණු ජීවිතයකට මගපෙන්වීමට මෙම වැඩසටහන උපකාරී විය. විශේෂයෙන්ම වර්තමාන කාර්යබහුල අවිවේකී සමාජයෙන් මොහොතකට මිදී ස්වභාව ධර්මය, තමන් සහ ප්‍රජාව සමග සිය බැඳීම වැඩි කරගැනීමට සංචාරකයන්ට ඉන් අවස්ථාව උදාවිය. 
සතිමත්බවින් පිරුණු විවේකයක් සංචාරකයන්ට අත්කරදීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සුවතාව ප්‍රියකරන, විවිධ ආහාර පාන රස බැලීමට කැමැති මෙන්ම පරිසර හිතකාමී සංචාරකයෝ රැසක් එක්ව සිටියහ. 
විවේකී ජීවිතය සහ තිරසරත්වය ප්‍රමුඛ කරගත් මෙම වැඩසටහනේදී සංචාරකයන්ට බාහිර පරිසරයෙන් අත්මිදී සොබාදහම, තමා සහ සංස්කෘතිය සමග බද්ධවීමට සහාය වන අංග රැසක් දක්නට ලැබුණි. එය ශ්‍රී ලාංකික සංස්කෘතිය, සතිමත් ජීවිතය සහ පෞද්ගලික පරිවර්තනයට අවකාශ උදාකරන Sun Siyam Pasikudah දැක්ම සමග ද හොඳින් සමපාතවීම කැපී පෙනුණි.
මෙම වැඩසටහනට එක්වුණු සංචාරකයන් හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා සහ කණ්ඩායම විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව ජාත්‍යන්තර සුවතා උපදේශකයකුවන ෂේන් සීරි විසින් හිරු බැසයන මොහොතේ විශේෂ සුවතා පිළිගැනීමක් ද සිදුකරන ලදී. අයර්ලන්ත ජාතික ෂේන් ඩුබායි නුවර කේන්ද්‍ර කරගනිමින් සමාජයේ ඉහළම ස්ථරයේ පසුවන සාර්ථක පුද්ගලයන්ට පෝෂණය, කාර්යඵල සාධනය සහ එදිනෙදා සෞඛ්‍යපාදක කරගනිමින් සිය සෞඛ්‍ය වැඩිදියුණු කරගන්නා ආකාරය පිළිබඳ උපදේශන සේවා සපයයි. අනතුරුව එදින රාත්‍රියේදී ද විශේෂ භෝජන සංග්‍රහයක් ද Fireside Tales & Teas under the stars නමින් තවත් විශේෂාංගයක්ද පැවැත්වුණී. 
අපට අවශ්‍ය වූයේ හුදෙක් සංචාරකයන් පිනවන වැඩසටහනක් වෙනුවට ඔවුන්ට පරිවර්තනීය වෙනසක් ලබාදෙන වැඩසහනක් නිර්මාණය කිරීමට යි. Island Soulයනු ශරීරය, මනස සහ එකිනෙකා අතර බෙදාගන්නා මනුෂ්‍යත්වය යන අපේ අභිවෘද්ධියට වැදගත්ම අංග වෙත අවධානය යොමුකරන වැඩසටහනක්, යනුවෙන් Sun Siyam Pasikudah සාමාන්‍යාධිකරී අර්ෂාඩ් රෙෆායි මහතා පැවසුවේය.

 



අදහස් (0)

Sun Siyam පාසිකුඩා වෙතින් විශේෂ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 74 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site