IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


SolarTherm සහ Alliance Finance එකතුවෙන් ‘සෝලා ණය‘


වසර 40ක ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය සූර්ය බලශක්ති නිෂ්පාදන සන්නාමය වනSolarTherm  සිය ගනුදෙනුකරුවන් උදෙසා ‘AFC සෝලා ණය‘ ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදු කිරීමට ්Alliance Finance Company (AFC) සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. 

SolarTherm හි අධ්‍යක්ෂ නිශාන්ත ජයසූරිය සහ AFC හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කුසල් ජයවර්ධන යන මහත්වරු දෙපාර්ශවයේම නියෝජිතයන්, ජ්‍යෙෂ්ඨ නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. SolarTherm විසින් ආනයනය කොට බෙදා හරිනු ලබන සියලු‍ම on-grid  සෝලා පද්ධති, SolarThermසේවාදායකයන් සහ පාරිභෝගිකයන්ට AFC සෝලා ණය‘ පහසුකම හරහා ලබා ගැනීමේ හැකියාව උදාවේ.

උත්සව සභාව අමතමින් SolarThermහි අධ්‍යක්ෂක නිශාන්ත ජයසූරිය මහතා මෙසේ පවසා සිටියේය. ”‍දශක හයකට වැඩි කාලයක් ශ්‍රී ලාංකිකයන්ගේ කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා මූල්‍ය ආධාර ලබා දෙමින් සේවය කළ එලායන්ස් ෆිනෑන්ස් සමාගම සමග මෙම ගිවිසුම අත්සන් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. මෙමAFC සෝලා ණය පහසුකම මගින්, අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ දිගුකාලීන ආයෝජනයක් වශයෙන් පුනර්ජනනීය බලශක්තිය වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කිරීමට හැකි වීම පිළිබදව අපි ආඩම්බර වෙමු. 2030 වසර වන විට රටේ බලශක්තියෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ රජයේ ඉලක්කයට ශක්තියක් වීමට අපි බලාපොරොත්තු වෙමු.

සෝලා ණය ගිවිසුමේ කොටසක් ලෙස, AFC  විසින් SolarTherm  හි අභ්‍යන්තර අනුමැතීන්ට අනුව ණය පහසුකම ලබා ගැනීමට සුදුසුකම් සම්පූර්ණ කරන  SolarTherm  පාරිභෝගිකයන් වෙත මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු කරයි. ලංකා විදුලිබල මණ්ඩලය (CEB)  සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම  (LECO)  වෙත ඉදිරිපත් කිරීමට නියමිත සූර්යබල පද්ධතියේ සවිස්තරාත්මක සැලැස්ම, සවි කිරීමට අවශ්‍ය උපකරණ බෙදා හැරීම සහ ස්ථාපනය කිරීම සඳහා SolarThermවිසින් වගකීමට බැදී සිටියි. 

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති පුරෝගාමියකු ලෙසSolarTherm මේ වන විට 100,000කට අධික විශ්වසනීය පාරිභෝගික පදනමකට හිමිකම් කියනු ලබයි. SolarTherm සතුව දැවැන්ත කර්මාන්තශාලා ද්විත්වයක් කදානේ සහ ඒකල කර්මාන්තපුරයේ පිහිටා ඇත. සූර්යබල උණු වතුර පද්ධති කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයකු වන, ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිතSolahart  නිෂ්පාදන මෙන්ම, චීනයෙන් ආනයනය කරනු ලබන ට්‍රීනා සූර්ය පැනල සඳහා බලයලත් අලෙවිකරුවකු ලෙස SolarTherm  කටයුතු කරනු ලබයි. 

 



අදහස් (0)

SolarTherm සහ Alliance Finance එකතුවෙන් ‘සෝලා ණය‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site