මෙරට ප්‍රමුඛ සූර්ය බල ශක්ති විසඳුම් සහ නඩත්තු සේවා සපයන්නකු වන Solar Care International පෞද්ගලික සමාගම Global Business Excellence 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත්, Elite Series සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය සූර්ය බල ශක්ති සමාගම ලෙසත්, Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත් සම්මානයට පාත්‍ර විය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ කාර්මික අලෙවි පුහුණුකරු දසිත කොඩිතුවක්කු මහතා වෙත මෙම සම්මාන පිරිනැමිණි.
Solar PV නඩත්තුව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තිකයකු වන ඔහු දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ස්ථාපනය කර ඇති ව්‍යාපෘතිවල සමස්ත ධාරිතාව මෙගාවොට් 320කට අධිකය. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, මාලදිවයිනේ සූර්ය බල ශක්ති ව්‍යාපෘතිවලට පූර්ණ පසු විකුණුම් සේවා සැපයීමේ අරමුණෙන් ඇරැඹූ Solar Care International සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපන සහ නඩත්තු සේවා සියල්ල සපයයි. පියවර 41කින් යුතු ආරක්‍ෂිත නඩත්තු ක්‍රමවේදය පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්න්නේද එම සමාගමයි.
ඔවුන් සූර්ය පැනල සඳහා වන Anti-soiling ආරක්‍ෂිත ගැල්වුම්, පද්ධති සෞඛ්‍ය වාර්තා, පක්ෂීන්ගෙන් වන හානි වළක්වන විසඳුම්, අර්ධ ස්වයංක්‍රීය හා පූර්ණ ස්වයංක්‍රීය පිරිසුදු කිරීමේ පද්ධති, තෙවැනි පාර්ශ්ව වගකීම් සහතික සහ ගෘහස්ත PV පරිශීලකයන්ට උපදේශන සේවා ඇතුළු නව්‍ය විසඳුම් සහ සේවා රැසක් සපයයි. ප්‍රමිතිගත නිමාව, සුරක්ෂිතභාවය, කල් පැවැත්මෙන් ඉහළ TYPE SCI ස්ථාපන ක්‍රමවේදය ඔවුන්ගේ හඳුන්වා දීම් අතර වේ. වායුගතික සිසිලනය, සහතික කළ උසස් ශ්‍රේණියේ අමුද්‍රව්‍ය සහ විශේෂඥ ඉංජිනේරුකරණය යන සියල්ලෙහි එකතුවක් වන එම ක්‍රමවේදය ගෘහස්ත, වාණිජ සහ උපයෝගිතා මට්ටමේ ව්‍යාපෘතිවල කල් පැවැත්ම සහ උපරිම කාර්යක්ෂමතාව සහතික කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
Solar Care PV සූර්ය බල ශක්ති පද්ධති නඩත්තුවට සම්මාන