IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


Shaktiman India සමාගමේ නවතම කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් ප්‍රථම වරට ලංකාවට

ලොව විශාලතම රොටරි ටිලර් නිෂ්පාදකයා වන Shaktiman India  සමාගම (Tirth Agro Technology Private Limited) ප්‍රථම වරට මෙරට වෙළෙඳපොළට උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් හඳුන්වා දී තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ Shaktimanබේලරය සහDhaan Mitram  රොටවේටරය යන යන්ත්‍ර දෙකයි. Overseas Automotive  පුද්. සමාගම විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී ඉකුත් ජූලි 31 දින පවත්වන ලද කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයේදී මෙම යන්ත්‍ර නිල වශයෙන් එළිදක්වන ලදි. මෙය ලංකාවේ කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණය කිරීමේ උත්සාහයේ නව පරිඡේදයක ආරම්භය සනිටුහන් කරනු නිසැකය. 

මෙම අවස්ථාවටShaktiman India සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් වන රඝුපති රෙඞ්ඩි සහ උත්තම් කුමාර් නායක් යන මහත්වරුන්ද සහභාගී වූ අතර, ඔවුහු නව යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යන්ත්‍රෝපකරණ අලෙවිකරුවන් සහ ගොවීන් දැනුවත් කිරීමටද පියවර ගත්හ. 

මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයන්, ගොවීන්, යන්ත්‍රෝපකරණ අලෙවිකරුවන් සහ කාර්මික ශිල්පීන් ඇතුළුව 150 කට අධික පිරිසක් සහභාගී වූහ. උත්සවය විවෘත කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් සහ වවුනියාව පළාත් සභා මන්ත්‍රී පී. තවරාසා යන මහත්වරුන් විසිනි. 

කිලිනොච්චි ප්‍රදේශයේ පරන්තන් මංසන්ධිය අසල ස්ථාන දෙකකදී උත්සවයේ මූලික කටයුතු සහ යන්ත්‍රෝපකරණවල ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීමේ කටයුතු සිදුකරන ලදි. ඉන් අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවය සහ දිවා ආහාරය සඳහා ආරාධිතයෝ කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි Bharathi Resort  වෙත පැමිණියහ. 

බේලර් යන්ත්‍ර යනු සත්ව ආහාර, කොම්පෝස්ට් නිෂ්පාදනය, ජෛව ස්කන්ධ බලශක්ති උත්පාදනය සහ අනෙකුත් ප්‍රායෝගික භාවිතයන් සඳහා පිදුරු පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි කුඩා මිටි බවට පත්කරන යන්ත්‍ර වර්ගයකි.  ගොවීන්ට කුඹුරුවල ඉතිරි පිදුරු පිළිස්සීම වෙනුවට මේ ආකාරයට වෙනත් භාවිතයන් සඳහා යොදාගැනීමට අවස්ථාව ලැබීම, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් විට අතිශය තිරසාර පියවරක් ලෙස හැඳින්විය හැක. එමෙන්ම එය ලංකාවේ කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණය කිරීමේ උත්සාහය තුළ වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකිය. 

Dhaan Mitram අඩි 9 රොටවේටරය යනු විශාල ප්‍රමාණයේ කුඹුරුවල බිම් සකස් කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහාම නිෂ්පාදනය කර ඇති යන්ත්‍රයකි. එහි ඉහළ ක්‍රියාකාරීත්වය, පුළුල් වපසරියක් ආවරණය කිරීමට හැකි වීම සහ අඩු ඉන්ධන පරිභෝජනය නිසා එය ගොවීන්ට කාලය සහ මුදල් ඉතිරි කර දෙයි. 

 



අදහස් (0)

Shaktiman India සමාගමේ නවතම කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් ප්‍රථම වරට ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16954 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site