SLT-MOBITEL ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, මෙරට විශ්‍රාමිකයන්ටSLT-MOBITEL සතු අතිනවීන විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වන mTicketing සේවාව හරහා දුම්රිය බලපත්‍ර (වොරන්ට්) ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ. විශ්‍රාමික ජනතාවට වඩාත් පහසුවෙන් තම ගමනාගමන අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙය සිදුකරන ලදී.
මෙලෙස ඩිජිටල්කරණය කරන ලද විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සහSLT-MOBITEL සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහග
මීට පෙරSLT-MOBITEL හි මාර්ගගත ප්‍රවේශ ඔස්සේ විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් ගමන් බලපත්‍ර වෙන්කරවා ගැනීමේ හැකියාව පැවතුණේ මහජනතාවට සහ රජයේ සේවකයන්ට පමණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විශ්‍රාමිකයන්ට ද තම නිවසේ සිටම, ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ඩිජිටල් පදනමක් හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හැකියාව ලැබී තිබේ.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් මෙරට විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ඩිජිටල් විසඳුම් පිරිනැමීමට හැකි වීම පිළිබඳවSLT-MOBITEL බෙහෙවින් සතුටු වෙයිග මෙය රටේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කැපවන අතරම, විශ්‍රාමිකයන් දීර්ඝ කාලයක් පුරා රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගයීම සඳහා සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.
පසුගිය වසරේදී මහජනතාවට දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා SLT-MOBITEL හඳුන්වා දුන් ක්‍රමවේදය බෙහෙවින් සාර්ථක වූ අතර, එහි ඉදිරි පියවරක් වශයෙන් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන ලදී. එමෙන්ම මෙය රටේ සියලුම ජනතාවට සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා දරනු ලබන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
SLT-MOBITEL සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකතුවෙන් විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කරයි