ශ්රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹා ඇතිබව එම ආයතනය කියයි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හා විශ්ව විද්‍යාල ආචාර්යල මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් ආචාර්ය මණ්ඩලයක් දේශන මෙහෙයවයි.
නව ඩිප්ලෝමා පාඨමාලා පසුගියදා ආරම්භවූ අතර එම දිනට පසුව වුවද ඉතා කෙටි කාලයක් තුළ පාඨමාලා සඳහා ඇතුළත් විය හැකි බවද එම ආයතනය කියයි.
පාඨමාලා අවසානයේ UGC පිළිගත් විශ්ව විද්‍යාලයකින් පිරිනමන සහතික පත්‍ර සිසුන්ට හිමි වේ. ඩිප්ලෝමාවෙන් පසු UGC පිළිගත් උපාධියක් හැදෑරීමට සුදුසුකම් හිමි වන අතර උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වේ. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය අනුමත කර දෙන, විදේශගත වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙන Gatehouse UK මගින් Dual Qualification සහතිකයක්ද ගත හැකිය, Zoom හරහා ඉගැන්වීම් සිදු කරන මෙම පාඨමාලාවල Zoom රෙකෝඩින් පසු දිනම Youtube හරහා සපයයි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කළ සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, කළමනාකරුවන්ට, ව්‍යවසායකයන්ට, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකිය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
SITC කැම්පස් වෙතින් නව පාඨමාලා