IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


Resplendent Ceylon සමාගමේ හෝටල් තුනටම 2025Michelin Key පිළිගැනීම

විශිෂ්ට සත්කාරකත්වය වෙනුවෙන් ලොව පුරා හෝටල්වලට පිරිනැමෙන Michelin Key distinctions හි 2025 අදියර පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී Resplendent Ceylon හෝටල් සමාගමට අයත් හෝටල් 3ටම Michelin Key පිළිගැනීම හිමිවිය. ඒ අනුව Ceylon Tea Trails හෝටලයට  Michelin Key 3ක්, Wild Coast Todge හෝටලයට Michelin Key 2 ක් සහ Cape Weligama හෝලයට  Michelin Key1ක් හිමිවී ඇත. 

ශ්‍රී ලංකාව තුළ  Michelin Key 3ක් හිමිකරගත් එකම හෝටලය Ceylon Tea Trails වීම විශේෂත්වයකි. මෙය එම හෝටලය සතු  ඉහළම තලයේ පහසුකම් සහ එමගින් පිරිනමනු ලබන විශිෂ්ට සත්කාරකත්වය සඳහා ලැබුණු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඇගයුමක් ලෙස හැඳින්විය හැක.

‘‘අපගේ හෝටල් තුනටම මෙලෙස  Michelin Key1 පිළිගැනීම හිමිවීම අපට මහත් ගෞරවයක්. ඒ අතරින් Ceylon Tea Trails හෝටලය ශ්‍රී ලංකාව තුළ  Michelin Key 3ක් හිමිකරගත් එම හෝටලය බවට පත්වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ශ්‍රී ලංකාවේ විශිෂ්ට සත්කාරකත්වය නිරූපනය  වන ඉහළම තලයේ සේවාවක්  අමුත්තන් වෙත ලබාදීම අපගේ අරමුණයි. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය දක්වන උනන්දුව හා කැපවීම මෙන්ම, ශ්‍රී ලංකාව ලොව සුඛෝපභෝගී ගමනාත්තයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අප දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බව මෙම ජයග්‍රහණය සාක්ෂි  දරනවා’’ Respiendent Ceylon සමාගමේ  සභාපති මලික් ජේ. ප්‍රනාන්දු මහතා පැවසීය.

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වුණු සමාරම්භක ගෝලිය සම්මාන උළෙලේ දී Michelin Keyඇගයුම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ආපනශාලා සඳහා පිරිනැමෙන Michelin Star  වර්ගයේ පිළිගැනීමක් හෝටල් සඳහා ද පිරිනැමීමේ අරමුණින් Michelin Keys ඇගයුම් ක්‍රමය හඳුන්වා දෙන ලදී. Michelin Key නිර්ණායක සපුරාලන විශිෂ්ටතම තලයේ හෝටල්වලට පමණක් එම ඇගයුම හිමි වේ. ගෘහ  නිර්මාණ ශිල්පය හා අභ්‍යන්තර නිර්මාණකරණය, සේවා ගුණාත්මකභාවය, ස්වභාවය හා අනන්‍ය ලක්ෂණ, ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමිවීම සහ දේශීය පරිසරයට දක්වන දායකත්වය යන විශ්වීය නිර්ණායක පහනක් යටතේ Michelin Keys ප්‍රදානය කරනු ලබයි. Boutpue City Hoetls සහ Heritles Castlage  වැනි හෝටල්වල සිට Ryokans Luxury Tents සහ Remote Retreats දක්වා ඕනෑම කාණ්ඩයකට අයත් හෝටල් මෙම ඇගයුම සඳහා සලකා බැලේ.ඇතැම් හෝටල්වල Michelin Star පිළිගැනිම හිමි ආපනශාලා තිබිය හැකි නමුත් Michelin Keys පිරිනැමීම සඳහා එම සාධකය සැලකිල්ලට නොගැනේ. 

මේ අතරින් Michelin Keys 3 ක් හිමි විම සුවිශාල ජයග්‍රහණයක් වන අතර ඉන්  හැඟවෙන්නේ අදාළ හෝටලය සියුලම සාධක අතින් ඉදිරියෙන්ම සිටින බවයි. හෝටලයේ සැලසුම, නිමාව, පහසුකම් සහ සේවාව ඇතුළු සියල්ල විශිෂ්ට මට්ටමක පවතින බවත් එහි නවාතැන් ගන්නා අමුත්තන්නට එය සදානුස්මරණීය අත්දැකීමක්  වන බවත් එමගින් ගම්‍ය වේ.        



අදහස් (0)

Resplendent Ceylon සමාගමේ හෝටල් තුනටම 2025Michelin Key පිළිගැනීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site