ශ්රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය අභිමානයෙන් සැමරීමට, Bikerholics සංවිධානය කළ 4 වැනි වාර්ෂිකFreedom RIDE යතුරුපැදි සවාරියට ශ්‍රී ලංකාවේ දේශීයව නිසි පදනමකින් නිෂ්පාදනය කළ පළමු ශක්ති ජනක පානය වන RIDE විසින් අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී. 2025 පෙබරවාරි 4 වැනි දින පැවැත් වූ මෙම යතුරුපැදි සවාරිය අප රටේ නිදහසේ සහ එකමුතුකමේ ජාතික හැඟීම විදහා දක්වන්නක් විය.
හැත්තෑ දෙනකුට අධික යතුරුපැදි ධාවකයන්ගෙන් සමන්විත මෙම වර්ණවත් යතුරුපැදි සවාරිය, දෙපානම කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, දර්ශනීය මාර්ග ඔස්සේ ගමන් කරමින් ටොරින්ටන් කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රය වෙත පැමිණෙන ලදී. එහි දී යතුරුපැදි ධාවකයන් සමඟ එක්ව RIDE සිය නිෂ්පාදන ප්‍රවර්ධන ක්‍රියාකරකම් රැසක් සංවිධානය කරනු ලැබීය. ඉන් පසු යතුරුපැදි සවාරිය කොළඹ ගාලු මුවදොර වෙත පැමිණි අතර, එහි දී යතුරුපැදි සවාරිය අවසානය සනිටුහන් විය.
ගාලු මුවදොර පිටියේ දී ධාවකයන් සියලු දෙනා දල සහභාගී වූ අනෙකුත් පිරිස ද ජාතික නිදහස් දිනය වෙනුවෙන් එක් වී, මෙම ගමනෙහි අත්දැකීම් බෙදා ගනිමින්, නිදහස් දිනය උත්කර්ෂවත්ව සැමරීම සිදුකෙරුණි. මෙම Freedom RIDE යතුරුපැදි සවාරිය විශාල පිරිසකගේ සහභාගීත්වය හා උනන්දුව දිනාගැනීමට සමත් වූ අතර, එය නිදහස සැමරීමට සහ ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට මනා වේදිකාවක් සපයන ලදී.
වෙළඳපොළේ ප්‍රමුඛ පෙළේ ශක්ති ජනක පාන සන්නාමයක් වන RIDE උසස් තත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් පිළිගත් ගෝලීය ශක්ති ජනක පාන සන්නාමයන් හා සමානව සිටින අතර, ජාත්‍යන්තර ශක්ති ජනක පාන වර්ගයකින් ලබන අත්දැකීම නොවෙනස්ව ශ්‍රී ලංකා පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ලබා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පුළුල් වැඩසටහනක කොටසක් ලෙස, මෙම Freedom RIDE යතුරුපැදි සවාරියට සහයෝගීතාවය ලබා දෙමින් යතුරුපැදි සංචාරයට ලැදි දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සහ සංචාරක බ්ලොග් කරුවන්ට රටේ සුන්දරත්වය විඳගැනීමට ඔවුන් අවස්ථාව සලසා දුන් අතර, අනාගතයේදී ද මෙවැනි ක්‍රියාකාරකම් සඳහා සහයෝගය දක්වනු ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
RIDE සහ Bikerholics එකතුවෙන් Freedom RIDE යතුරුපැදි සවාරියක්