IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


Profood Propack Agbiz 2025 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා ආයතනය (LECS) සමග එක්ව 22 වැනි වරටත් සංවිධානය කළ Profood Propack & Agbiz 2025 ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය කොළඹ 07 BMICH පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථක අන්දමින් පැවැත්විණ. 

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අතින්  Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ පළමු දින විවෘත වූයේ ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික කෘෂි ව්‍යවසායකත්ව කවුන්සිලය, ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය (IFSTSL) සහ ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලය යන රාජ්‍ය ආයතනවල සහයෝගීත්වය ලබාදීම සංකේතවත් කරමිනි.

ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නියැලි ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණෙන් එම ක්ෂේත්‍රවල විද්වතුන්, ව්‍යාපාරික දැවැන්තයන්, ආයෝජකයන්, නවක ව්‍යවසායකයන් හා පාරිභෝගික ප්‍රජාව යනාදී සියලු‍ පාර්ශ්ව එකමුතු කරමින් පැවැති Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය නැරඹීමට 35,000 කට අධික පිරිසක් සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයට එක්රැස් වූහ. ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නව ප්‍රවණතා සොයා යමින් දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගනිමින් සහභාගි වූ සියලු‍ පාර්ශ්වයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමෙහිලා ක්‍රියාත්මක වූ Knowledge Hub සමග පාරිභෝගික සහාය වෙනුවෙන් සුවිශේෂී සහාය සේවාවක් ලෙස පැවැති Consumer Assistance Desk, පැමිණි සියලු‍ දෙනාගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. 

1000 කට අධික නිෂ්පාදන සන්නාම රැසක් සමග ප්‍රදර්ශන කුටි රැසක් ප්‍රදර්ශනයට එක්කර තිබිණ. බොහෝ ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කළ ව්‍යවසායකයන් අතිරේක ප්‍රදර්ශන කුටිද වෙන් කරගනිමින් ප්‍රදර්ශනය වෙත අනුග්‍රාහකත්වය එක් කරමින් හා නව නිෂ්පාදන හඳුන්වාදෙමින් Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය වෙත සහභාගි වූ සියලු‍ දෙනාට සදා නොමැකෙන වටිනා අත්දැකීම් රැසක් ලබාදීමට සමත් වූහ. ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තමාගේ නව නිෂ්පාදන හඳුන්වාදීමටත් නව වෙළෙඳපොළ ප්‍රවණතා හඳුනාගනිමින් සාර්ථකත්වය උදෙසා තම ව්‍යපාර මෙහෙයවීමටත් මෙම ප්‍රදර්ශනය මහඟු‍ අත්වැලක් විය. Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ අතිසාර්ථකත්වය හේතු කොටගෙන මෙවර සහභාගි වූ ව්‍යවසායකයන් රැසක් මීළඟ ප්‍රදර්ශනය වෙනුවෙන් මේ වනවිටත් අලෙවි කුටි වෙන්කරවා ගැනීමට අයැදුම්කර තිබීම විශේෂත්වයකි.

ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නියැලි ලාංකීය ව්‍යවසායකයන්ට ක්ෂේත්‍රයේ ගෝලීය නව ප්‍රවණතා සහ තාක්ෂණික නවෝත්පාදන හඳුනාගැනීමට අවස්ථාව හිමිකර දෙමින් චීනය, ජර්මනිය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් නියෝජනය කරමින් ව්‍යවසායකයන් හා ව්‍යවසායකත්ව උපදේශකයෝ රැසක් මෙවර Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය වෙත සහභාගි වූහ. 

 



අදහස් (0)

Profood Propack Agbiz 2025 සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site