IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


PickMe ආදායම සියයට 47කින් ඉහළට

භානුක අමරසිංහ 


මෙරට ජනප්‍රිය ජංගම දුරකතන ඇප් පාදක ප්‍රවාහන සේවා සම්පාදන වේදිකාවක් වන PickMe අයත්Digital Mobility Solutions Lanka PLC සමූහය 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය තුළදී රු. බිලියන 4.1ක ආදායමක් හිමි කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. මෙය පෙර මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී හිමි කරගත් රුපියල් බිලියන 2.8ක ආදායම හා සැසඳීමේදී සියයට 47ක ඉහළ යාමකි. 

මෙහිදී සිය ඇප් වැඩසටහන භාවිත කරන අවස්ථා සංඛ්‍යාව මෙන්ම එහි පරිශීලකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම ඊට හේතුව වූ බවDigital Mobility Solutions Lanka PLC  සමාගම සඳහන් කරයි. 
මේ අතර එම සමාගම විසින් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවයක කාලය සඳහා හිමි කරගෙන ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 795 කි. එය පෙර මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී හිමි කරගත් රුපියල් මිලියන 472ක ශුද්ධ ලාභය හා සැසඳීමේදී සියයට 69ක ඉහළ යාමකි. 

මේ අතර 2024/25 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා එම සමූහයේ ආදායම රුපියල් බිලියන 1.5කි. එය පෙර වසරේ එම කාලයේදී හිමි වූ රුපියල් බිලියන 1.1ක ආදායම හා සැසඳීමේදී සියයට 41ක ඉහළ යාමකි. විශේෂයෙන්ම මෙම කාර්තුවේදී එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ක්‍රියාකාරකම් සටහන්ව ඇතැයිද එය 2024/25 දෙවැනි කාර්තුව හා සැසඳීමේදී සියයට 9ක ඉහළ යාමක් බවත් සමාගම පවසයි. 
එසේමDigital Mobility Solutions Lanka PLC  සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේ කාර්තුවක් තුළ රැස් කරගත් වැඩිම මෙහෙයුම් ලාභයද තෙවැනි කාර්තුවේදී රැස් කරගෙන තිබේ. එය රුපියල් මිලියන 396කි.



අදහස් (0)

PickMe ආදායම සියයට 47කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site