IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


Phoenix නව නිෂ්පාදන එකතුවක්

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ඉකුත් ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම, ගබඩා කිරීම වැනි බහුවිධ අවශ්‍යතා සැපිරිය හැකි ලෙස මෙම භාණ්ඩ නිපදවා තිබේ.

විවේකයෙන් කාලය ගත කිරීමට භාවිත කළ හැකි Nap Foldable Hammock ඒ අතර ප්‍රධාන වේ. එය කොටස් දෙකකට නවා කුඩා ඉඩක වුවත් තැබිය හැකි අතර ආනතිය වෙනස් කර පහසු ආකාරයෙන් ඉඳ ගැනීමට භාවිත කළ හැකිය. භාවිත කරන්නන් සුව පහසුවෙන් තබන ෆැබ්රික් වර්ගයකින් නිපදවා ඇති එය Phoenix සමාගමේ ෆැබ්රික් සහ රෙසීන් මිශ්‍ර පළමු පුටුව වේ. තවත් නිෂ්පාදනයක් වන Cala Foldable Comfort Chair අවශ්‍ය ඕනෑම ස්ථානයකට රැගෙන යා හැකි ලෙස සකසා ඇත. කුඩා ඉඩකට ගැළපෙන ලෙස සකසා ඇති Flip Foldable Table පහසුවෙන් නැවීමටත්, දිග හැරීමටත් හැකිය. හැඩකාර සහ ශරීරයට සුව පහසු ලෙස අසුන් ගැනීම‌ට සකසා ඇති Kyo පුටුව ඕනෑම අවකාශයක අපහසුවකින් තොරව තැබිය හැකිය. එය ක්‍රියාකාරිත්වය සහ නවීන සෞන්දර්යය එකට මුසු කරයි. Cocktail Bar Stool අලංකාරත්වය සහ සුව පහසුව කැටි වූ තවත් හඳුන්වා දීමකි. එය අවන්හලකට ඉතා සුදුසු වේ. මෙම නවතම නිෂ්පාදන පෙළට ඕනෑම ආහාර වර්ගයක් ගබඩා කළ හැකි නවීන මෝස්‌තර සහිත භාජනද ඇතුළත් වේ. 

එදිනෙදා ජීවිතය වඩාත් පහසු කර ගැනීමට උපකාර වන නිෂ්පාදන රැසක් පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Phoenix සමාගම සරල බව, ක්‍රියාකාරී බව සහ විශිෂ්ට වර්ණ සංයෝජනය එකට කැටි කරයි. මාර්ගගත ක්‍රමයට සහ වැලිසර, පානදුර හා බත්තරමුල්ලේ පිහිටි ශාඛාවලට ගොස් මෙම නවතම නිෂ්පාදන පෙළ මිල දී ගැනීමට හැකිය.



අදහස් (0)

Phoenix නව නිෂ්පාදන එකතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site