IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ODEL යලි ගොඩගැනීමට විසදුම් යෝජනා

  • අඩු කාර්යසාධනයක් සහිත අලෙවි සැල් වසා දැමීමේ තීරණයක් 

භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී ඇඟලු‍ම් නිෂ්පාදන අලෙවි සමාගමක් වන ODEL PLC සමාගම මුහුණ දී ඇති කාරක ප්‍රාග්ධන අහිමි වීමේ ගැටලු‍වට විසදුම් ලෙස පියවර කිහිපයක් ගැනීමට කටයුතු කරන බව ODEL PLC සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා පවසයි.

පසුගියදා ජනවාරි 02 වැනිදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ. මෙහිදී අදාළ ප්‍රාග්ධන තත්වය සම්බන්ධයෙන් සකස් කෙරුණු ස්වාධීන විගණන වාර්තාව අනුව මෙම පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 

ඒ අනුව මෙම විසදුම් ලෙස වඩාත් හොඳ අලෙවිකරණ උපායමාර්ගයක් යොදා ගනිමින් දේශීය සහ ජාත්‍යන්තර පාරිභෝගික පැමිණීම් ඉහළ දැමීම සැලසුම වී තිබේ. ඒ අතරම වට්ටම් ක්‍රමවේද දියත් කිරීම, පාරිභෝගික කැමැත්ත රඳවා තබා ගැනීම සඳහා “ලෝයල්ටි“ වැඩසටහන් මෙන්ම අනාගත මුදල් ප්‍රවාහ වර්ධනය වෙනුවෙන් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමද මේ අතර පවතී.

එසේම දැනට ODEL PLC වෙත ණය ලබා දී තිබෙන ආයතන සමගින් එම ණය ආපසු ගෙවීම පිළිබඳ නැවත-එකඟතාවකට පැමිණීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම දෙවැනි පිළියම වෙයි.

තෙවැනි පිළියම ලෙස ODEL PLC අයත් සොෆ්ට්ලොජික් සමූහය මගින් සිය මූලික ව්‍යාපාර අවස්ථා වෙත අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා විකල්ප ක්‍රමවේද සොයා බැලීමත් සිදු කිරීමට නියමිතව ඇත.

මීට අමතරව අඩු කාර්යසාධනයක් සහිත අලෙවිසැල් වසා දමමින් සමාගමෙහි මෙහෙයුම් පිරිවැය අවම කිරීමත්, ඒවායේ ඇති භාණ්ඩ ඉහළ කාර්ය සාධනයක් සහිත අලෙවිසැල් වෙත යොමු කරවීමට පියවර ගැනීමත් තවත් විසඳුමකි. මේ හරහා ආදායම් ඉහළ නංවමින්, මුදල් ගලා ඒම වැඩිදියුණු කිරිම සහ කාරක ප්‍රාග්ධන තත්වය ඉහළ නැංවීමත් අරමුණ බව සමාගම පවසයි. 

2023/24 මූල්‍ය වර්ෂය සඳහා ODEL සමාගම රුපියල් බිලියන 7.3 ක වාර්තාගත ආදායමක් රැස් කරගැනීමට සමත් විය. එය පෙර මූල්‍ය වර්ෂයේ රැස්කරගත් රුපියල් බිලියන 8.25ට සාපේක්ෂව සියයට 12ක පසුබැසීමකි.



අදහස් (0)

ODEL යලි ගොඩගැනීමට විසදුම් යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site