IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ Holiday Max සමග එක් වේ

දශක පහකට ආසන්න කාලයක් පුරා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී සිටින NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ තම මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් එරට විශාලම සංචාරක සමාගම්වලින් එකක් වන Holiday Max සමාගම සමඟ එක් වෙයි. 
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටා ඇති Holiday Max සමාගම මෙරට මෙහෙයුම් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂ සන්ධිස්ථානයකි. ඕස්ට්‍රේලියානු සංචාරක වෙළෙඳපොළේ වේගයෙන් වර්ධනය වන සන්නාමයක් වන Holiday Max මීට පෙර කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා සංචාර සංවිධානය කර නැත. උපායමාර්ගික පියවරක් අනුව සිය සංචාරක සේවා කළමනාකරණ සමාගම ලෙස භණ්ඍ සමාගම තෝරා ගෙන ඇති ඔවුන් ඕස්ට්‍රේලියානු සංචාරක ප්‍රජාවට මෙරට සුන්දරත්වය විඳ ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නියමිතය.
මෙම එක් වීම පිළිබඳව අදහස් දක්වමින් NKAR සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ නිල්මින් නානායක්කාර මහතා මෙසේ පැවසීය.  මිල ගණන් අඩු කරමින් තරගයක නියැළීම සහ ඉටු කළ නොහැකි පොරොන්දු වෙනුවට සෑම විටම අපගේ දැක්ම වුණේ නව මෙහෙයවන්නන් ආකර්ෂණය කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව නව වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමයි. සේවා ප්‍රමිති පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කරනවා. පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම අපගේ වේගවත් වර්ධනයට හේතු වුණා.  Holiday Max වැනි දැවැන්ත සමාගමක් අප සමඟ එකතු වීමට හේතුව හැටියට මම දකින්නේ අපගේ කැපවීම සහ උසස් සේවා ප්‍රමිතියයි.” සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙම එක් වීමෙන් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් ඉහළට ඔසවා තැබීමටත්, ඕස්ට්‍රේලියානු සංචාරක වෙළෙඳපොළේ වර්ධනය තහවුරු කිරීමටත් හැකි වනු ඇත. 



අදහස් (0)

NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ Holiday Max සමග එක් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site