
දකුණු ආසියානු මගී නෞකා ගමනාන්ත අතර ප්‍රමුඛයකු ලෙස වැඩෙන නමක් උපයමින් සිටින හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), තවත් වැදගත් පියවරක් සනිටුහන් කරමින්, “Mein Schiff 6” නෞකාව සාදරයෙන් පිළිගනු ලැබීය. නෞකාව, වරාය වෙත සිදු කළ මංගල සංචාරය මෙය වේ.
මෝල්ටා ධජය සහිත, 2017 දී ඉදිකරන ලද, මීටර් 295.17 ක දිගකින් යුත් මෙම නෞකාව කොළඹ සිට පැමිණියේ මගීන් 2,289 ක් සහ කාර්ය මණ්ඩලය 950 ක් සමගිනි. HIP හි නැවතීමෙන් අනතුරුව, නෞකාව කී ලෑන්ග් වරාය වෙත ගමන් කරනු ඇත. නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස හැපැග් ලොයිඩ් (Hapag Lloyd) සමාගම කටයුතු කළ අතර, ඒට්කන් ස්පෙන්ස් නැව් සමාගම විසින් මගීන් සඳහා වෙරළාන්ත සංචාර සංවිධානය කරන ලදී.
“Mein Schiff 6 නෞකාව පළමු වරට පිළිගැනීමට ලැබීම අපට මහත් සතුටක්,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටොමී යැන්ග් මහතා පැවසීය. “මෙවැනි සෑම මංගල සංචාරයක්ම HIP හි වර්ධනය වන හැකියාව සහ මගී සේවා ලබාදීමට වරායට ඇති හැකියාව තහවුරු කරන අතර, ගෝලීය මගී නෞකා සමාගම් අප මත තබා ඇති විශ්වාසය ද තවදුරටත් ශක්තිමත් කරයි.”
TUI නැව් සමාගමේ Mein Schiff 5 නෞකාව පසුගිය සමුද්‍ර සංචාර සමයන්හිදී කිහිප සැරයක් HIP වෙත සංචාරකයන් රැගෙන ආ අතර, මෙම මංගල සංචාරය එම සමාගම හා වරාය අතර ඇති සබඳතාව තවත් ශක්තිමත් කරයි. “TUI මගී නෞකා සමාගම, ජාත්‍යන්තර සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හඳුන්වා දීමේ වැදගත් හවුල්කරුවකු වූ සමාගමක්,” යැයි හැපැග් ලොයිඩ් සමාගමේ සාමාන්‍යාධිකාරී මින්දක දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මගී නෞකා සඳහා සුදානම් වරායක් ලෙස දැනටමත් ප්‍රසිද්ධියක් ලබා ඇති HIP, ගැඹුරු ජල නැංගුරම් පළ පහසුකම් සහ කාර්යක්ෂම සමුද්‍රීය සේවා සමගින්, ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වරාය ක්‍රියාත්මක වෙයි. ගුණාත්මකභාවය, පාරිසරික කළමනාකරණය සහ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ISO සහතික ලබාගත් එකම ලාංකීය වරාය ලෙස HIP තම මෙහෙයුම් ශක්‍යතාව තවදුරටත් සහතික කරයි.
කලාපයේ පිරිසිදුම සහ පරිසර හිතකාමීම වරායක් ලෙසද HIP පිදුම් ලබා ඇත. “තිරසාරභාවය අපගේ මෙහෙයුම්වල මූලික ඉලක්කයයි,” HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තවදුරටත් පවසයි. “හරිත කලාප සඳහා මහා පරිමාණ ගස් සිටුවීමේ වැඩසටහන සහ කොරල් පර ආරක්ෂණ ව්‍යාපෘතිය වැනි මුලපිරීම් HIP හි හරිත වරාය ප්‍රතිපත්තිය ඉස්මතු කරන අතරම සංචාරක නෞකා සමාගම් සඳහා විශාල ආකර්ශණයක් ද වනවා.”
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘Mein Schiff 6’ නෞකාව පළමුවරට හම්බන්තොට වරායට