ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), 2025 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ ලාබයක් වාර්තා කර ඇත.
ණය දීමේ අංශවල ඉහළ ඉල්ලුම සහ විචක්ෂණශීලිව වියදම් කළමනාකරණය කිරීම හේතුවෙන් Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 146 ක බදු පසු ලාබයක් (PAT) වාර්තා කළ අතර, එය පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව සියයට 41 ක වර්ධනයකි. සමාගමේ මුළු ආදායම සියයට 19 කින් වර්ධනය වී රුපියල් බිලියන 2.74 ක් බවට පත්ව ඇත. ශුද්ධ පොලී ආදායම සියයට 22 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.34 ක් වූ අතර, අනෙකුත් මෙහෙයුම් ආදායම් සියයට 91 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 296 ක් විය.
තවද සමාගමේ පුරෝකථනය කළ මෙහෙයුම් ලාබය (PPOP) සියයට 79 කින් රුපියල් මිලියන 507ක් දක්වා ඉහළ ගියේය. මේ අතර සමාගමේ මුළු මෙහෙයුම් පිරිවැය සියයට 17 කින් ඉහළ ගිය අතර, එය සමාගම සිය ශාඛා ජාලය පුළුල් කර වැඩි කාර්ය මණ්ඩලයක් බඳවා ගත්තද ලාබයේ වර්ධනයට සාපේක්ෂව සුළු වැඩිවීමකි. සමාගම 2025 මාර්තු 31 වනදා වන විට ණය සහ අයකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් එහි සියයට 1.86 ක ප්‍රශස්ත කඩයිමක් (Gross Stage 3) පවත්වා ගැනීමට හැකි වූ අතර, එමගින් සමාගමේ ණය කළඹේ ගුණාත්මකභාවය පෙන්නුම් කරයි.
මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා මෙසේ පැවසුවේය. “පසුගිය වසර තුළ උද්ධමනය පහත වැටී, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයක් පෙන්නුම් කර තිබෙනවා. සෑම විටම පාරිභෝගිකයාට මුල් තැන දෙන ශක්තිමත් මූල්‍ය සමාගමක් ගොඩනැගීමේ Mahindra Ideal Finance හි ඉලක්කයේ කොටසක් ලෙස අවදානම් කළමනාකරණය සහ හොඳින් පිරිවැය පාලනය කරමින් සමාගමට අයත් ශාඛා සහ ඩිජිටල් වේදිකා හරහා අපගේ මූල්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. 2025 මූල්‍ය වර්ෂයේ අප ලබා ගත් මූල්‍ය කාර්යසාධනයෙන් මෙම උත්සාහයයේ ප්‍රතිඵල පෙන්නුම් කරන අතර සමාගම ලබා ඇති Fitch Ratings හි AA- (Outlook Stable) ඉහළ ණය ශ්‍රේණිගත කිරීමෙන් ද එය පිළිබිඹු වනවා.”
“තවද මෑතකදී වාහන ආනයන සීමා ලිහිල් කිරීම අපගේ වර්ධනය තවත් වේගවත් කිරීමට උපකාරී වී ඇති අතර, මෙම ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල එයට දායක වී තිබෙනවා. ඉදිරියේදී, අප ලබා ගත් මෙම සාර්ථකත්වය සියලුම ශ්‍රී ලාංකිකයන්ට සේවය කිරීමට සහ කිසිවකුත් නොසලකා නොහරින බවට වගබලා ගනිමින් අපගේ ගනුදෙනුකරුවන්ට, සේවකයන්ට සහ අනෙකුත් කොටස්කරුවන්ට දිගුකාලීන, තිරසාර වටිනාකමක් ලබා දීමට අප වෙහෙස මහන්සි වී කටයුතු කරනවා.”
Mahindra Ideal Finance හි මෙම ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සඳහා රන් ණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය (SME), මෝටර් රථ, SUV, වෑන් රථ, වාණිජ වාහන, යතුරු පැදි, ත්‍රී රෝද රථ සහ ට්‍රැක්ටර් වැනි කෘෂි වාහන සඳහා ලීසිං පහසුකම් ඇතුළු සමාගමේ සියලුම ව්‍යාපාරික අංශවල වර්ධනය හේතු වී ඇත.
Mahindra Ideal Finance Limited (MIFL) යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයකි (NBFI). එය ආරම්භ කළ දා සිට, ශ්‍රී ලංකාව පුරා ශාඛා 36 ක් සමාගම සතු වන අතර, රන් ණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාර ණය, ස්ථාවර තැන්පතු සහ වාහන සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා අනෙකුත් මූල්‍ය සේවා සඳහා ලීසිං පහසුකම් සපයයි.
2012 මාර්තු 26 වැනි දින Ideal Finance ලෙස ආරම්භ කරන ලද සමාගම 2021 ජූලි 8 වන දින මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයකු වන ඉන්දියාවේ Mahindra & Mahindra Financial Services Limited විසින් අත්පත් කර ගන්නා ලදී. මෙම සහයෝගය සමාගමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සේවා සපයන්නකු බවට පත්වීමට උපකාරී විය.
Mahindra Ideal Finance ෆිච් රේටින්ග්ස් ලංකා වෙතින් AA- (Outlook Stable) ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් හිමි කරගෙන ඇත. මීට අමතරව සමාගම අඛණ්ඩව වසර පහක් “Great Place to Work” ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර, එමගින් සමාගමේ ධනාත්මක සහ විවෘත සේවා සංස්කෘතිය, ශක්තිය සහ වෙනස් වන වෙළෙදපොළ තත්වයට අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
Mahindra Ideal Finance ලාබයේ සියයට 41ක වර්ධනයක්