
MD Computers.lk පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පරිගණක සහ උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ඩබ්. ජී. එම්. ධනංජය සහ අධ්‍යක්ෂ ජී. ඩී. මඳුරංගනී වෙත සම්මානය පිරිනමන ලදී.
MD Computers 2011දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස හෝමාගමදී ආරම්භ විය. 2015 වන විට කුඩා ප්‍රදර්ශනාගාරයක්ද ඇරැඹීම දක්වා වර්ධනය වූ එහි වර්තමානයේදී සේවිකාවෝ 28ක් සේවය කරති. ශ්‍රී ලංකාවේ විශාලම අලුත් සහ භාවිත කළ පරිගණක සහ ලැප්ටොප් අලෙවිසැල ලෙස නමක් දිනා ඇති MD Computers වෙතින් ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ක්‍රීඩා පරිගණක, මැක්බුක්, මොනිටර්, ප්‍රොසෙසර්, මදර්බෝඩ්, ග්‍රැෆික් කාඩ්, දත්ත ගබඩා උපාංග, RAM, හාඩ් ඩිස්ක්, ඩිස්ප්ලේ, පවර් ඇඩප්ටර්, බැටරි, ලැප්ටොප් සඳහා අවශ්‍ය උපාංග මෙන්ම පරිගණක ක්‍රීඩාවල යෙදෙන්නන්ට පුටු, කූලින් පෑඩ්, ජෝයිස්ටික්, සබ්වූෆර් වැනි සියලුම උපාංග මිල දී ගත හැකිය.
පාරිභෝගිකයා පළමු කර ගත් ප්‍රවේශය නිසා දිවයින පුරා සිටින දහස් ගණනකගේ විශ්වාසය දිනා ගැනීමට MD Computers ආයතනයට හැකි වී ඇත. Google ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින එම සමාගම 4.7ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
MD Computers සමාගමට BWIO සම්මාන