සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණා
භානුක අමරසිංහ
මෙරට විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කළ මූලික මහජන කොටස් නිකුතුවට අදාළ ඉල්ලුම්පත්‍රය ඉවත් කරගන්නා බව එම සමාගම පවසයි.
පෙරේදා (16) එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන නියාමන නිලධාරිනී නිලුපා පෙරේරා මහත්මිය වෙත ලිපියක් මගින් මේ පිළිබදව දැනුම් දී තිබේ. පසුගිය ජූනි 26 වැනිදා රැස් වුණු LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ්හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගත් බව සමාගම පවසයි.
සමාගම මගින් මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400ක් නිකුත් කිරීමට සැලසුම් කළ අතර, එහිදී කොටසක වටිනාකම රුපියල් 14.50ක් විය. ඒ අනුව සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 20ක් ලෙස සටහන් විය. මෙය එතෙක් මෙතෙක් මෙරට තුළ සැලසුම් කළ විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙසින්ද සැලකුණි.
කෙසේ වෙතත් විවිධ කාරණා හේතුවෙන් මෙම නිකුතුව ඉදිරිපත් කිරීම සඳහා කල් ගතවීම පිළිබදව සලකමින් මෙම තීරණය ගත් බව සමාගම පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
LTL හෝලඩිංග්ස් මූලික මහජන කොටස් නිකුතුව ඉවත් කර ගනී