IMG-LOGO

LOLC වෙතින් රුපියල් මිලියන 500 ක මානුෂීය ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ මින් පෙර නොවූ විරූ අන්දමේ ආර්ථික අර්බුදය තවදුරටත් පැතිරෙමින් පවතින අතර එය ජනතාවගේ ජීවනෝපාය අහිමි කරමින්, සමාජය පීඩාවට පත්කරමින් මානුෂීය හදිසි තත්ත්වයක් ඇතිකර තිබේ.

මෙම අර්බුදකාරී හදිසි අවස්ථාවට කඩිනම් ප්‍රතිචාර දක්වමින්, LOLC සමූහය පසුගිය මැයි මස මුලදී ‘‘දිවි සවිය’’  දීප ව්‍යාප්ත මානුෂීය ප්‍රයත්නය දියත් කළේය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අවශ්‍යතා සහිත නිවාස ඒකක සඳහා මසක කාලයක් ආධාර පිරිනමනු ලැබීය. මෙම ප්‍රයත්නයේ දී දැනටමත් දරිද්‍රතා සීමාවෙන් පහළ සිටින, ජීවනෝපාය අහිමිවීමෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන, ආහාර හිඟය සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාමෙන් පීඩාවට පත් දිවයින පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් හඳුනා ගැනීමට හැකි විය.

මෙවර පුළුල් ප්‍රයත්නයක් ලෙස අඛණ්ඩ මෙහෙයුමක් සඳහා කැපවෙමින්, ‘LOLC දිවි සවිය’ තවත් වාරයක් 2022 ජූලි මාසයේ දී ආරම්භ වූ අතර, දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිද්දෙන් එකිනෙකට වෙනස් චක්‍ර 3 ක් ඔස්සේ එය ක්‍රියාත්මක වනු ඇත.

දිවයිනේ වඩාත්ම අවදානම් කාණ්ඩවල ආහාර සුරක්ෂිතතාව තියුණු ලෙස පහත වැටීම හඳුනා ගනිමින්, ‘දිවි සවිය’ දෙවැනි අදියරේ දී තෝරාගත් පවුල්වලට අමතරව වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ දෘශ්‍යාබාධිත ඒකක සඳහා සෘජුවම ආහාර ආධාර ලබා දීමට අදහස් කරයි. මෙලෙස සහනාධාර පැකේජ 125,000 ක් කඩිනමින් බෙදා දීමට සැලසුම් කර ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 500 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.  කිලෝග්‍රෑම් 10ක් බරැති සෑම පැකේජයක්ම සහල්, පිටි, පරිප්පු, සීනි, නූඩ්ල්ස්, තේ, ලු‍ණු, සෝයාමීට්වල සිට කුළුබඩු දක්වා වූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වියළි සලාකවලින් වලින් සමන්විත වේ.   

බෙදාහැරීමේ ජාලයේ පැහැදිලි බව සහ විනිවිදභාවය තහවුරු කිරීමේ අරමුණෙන් සමස්ත ව්‍යාපෘතියම LOLC  සහ ‘නිවුස් ෆස්ට්’ අතර හවුල්කාරිත්වයෙන් සවිමත් වෙයි. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙහෙයවනු ලබන මෙම ‘දිවි සවිය’ යෝජනා ක්‍රමයට හිමිකම් ලැබීම සඳහා ඉතා දිළිඳුකමින් පෙළෙන පවුල් එක්රැස්කිරීම ‘නිව්ස් ෆස්ට්’ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ සහාය ඇතිව සිදු කෙරේ.   

‘දිවිසවිය’ දෙවැනි අදියර 2022 ජුලි 07 වැනිදා රත්මලාන පුරාණ රජමහා විහාරස්ථානයේ දී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් ජාලිය යසරත්න, රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න, ‘නිව්ස් ෆස්ට්’ අධ්‍යක්ෂ රොෂාන් වටවල, ‘නිව්ස් ෆස්ට්’ සාමාන්‍යාධිකාරී යසරත් කමල්සිරි, LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්, එම්.ටී.වී./එම්.බී.සී. ජාලයේ නිලධාරීන්, සුබ පතන්නන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

‘දිවිසවිය’ දෙවැනි අදියර පිළිබඳව අදහස් දැක්වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා; “අපේ ජනතා මෙසේ පැවසීය. ‘‘අපේ ජනතාවට සිය පවුල් පෝෂණය කිරීමට ප්‍රමාණවත් දෛනික ආදායමක් ලබා ගැනීමට නොහැකි අවස්ථාවක, ශ්‍රී ලංකාවට සහායක් ලෙස LOLC දියත් කර ඇති මෙම සත්කාරක වැඩසටහන අවදානමට ලක්ව ඇති අවශ්‍යතා සහිත පවුල් සිය දහස් ගණනක් ආරක්ෂා කරනු ඇති. LOLC සමූහය සැම විටම අප ප්‍රජාවේ ජීවිත සහ ජීවනෝපාය නංවාලීම සඳහා වූ අගයන් තුළින් සහ කැපවීමෙන් පෝෂණය වී ඇති අතර, විපත් සහ හදිසි අවස්ථාවල ජාතියට ජීවය සපයන ප්‍රජා පහසුකම් සපයන්නකු ලෙස පෙරමුණ ගෙන කටයුතු කරනවා. කොවිඩ් 19 වසංගත සමයේදී ද අපි ඇවැසි පුද්ගලයන් සඳහා වියළි ආහාර සහ රෝහල් සඳහා වෛද්‍ය උපකරණ සැපයීමෙන් ජාතියට සවියක් ලෙස ඊට සමාන වැඩසටහන් ක්‍රියාත්මක කළහ. ඒ ආකාරයෙන් අපට මේ දුෂ්කර සමය ද පසුකර අඛණ්ඩව ඉදිරියට යාමට හැකි වනු ඇති”   

LOLC ‘දිවි සවිය’ දීප ව්‍යාප්ත ගමන් මග මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන අතර, නාගරිකව සහ තදාසන්නව වෙසෙන වඩාත්ම පීඩාවට පත් ජනකොටස් එහිදී ඉලක්ක කර ගැනේ. ඉන්අනතුරුව නියමිත කාලසීමාවක් තුළ උප නාගරික සහ ග‍්‍රාමීය වශයෙන් උපායමාර්ගික අනුපිළිවෙළකට එය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

595



අදහස් (1)

LOLC වෙතින් රුපියල් මිලියන 500 ක මානුෂීය ව්‍යාපෘතියක්

arschfikaa Monday, 08 August 2022 10:21 PM

ඔතනත් ඔය සුරුට්ටුවන් කොරන්නේ සිංහල අය විතරක් හොය හොයා ගිහින් එක පාර්සලයක් නොවෙයි පර්සල් දෙක තුනක් එක්කෙනෙකුට දීලා, මුස්ලිම් දෙමළ අයට කිසිම සහන පාර්සලයක් වත් නොලැබෙන්න සලස්සන එකයි. අනේ මේ ජඩයෝ කවදා හැඩෙයිද? නමුත් උදව් උපකාර හැම එකක්ම ලැබෙන්නේ අරාබි රටවලින් විතරයි. ඔය ක්‍රමය නවත්තන්න වහාම අරාබි රටවල් දැනුවත් කල යුතුයි. ඔය බෑග්ස් බෙදන ටයි පටියක් ඇන්දගත්තු අයගේ මුණුවලින්ම පේනවා මෙයාලා මොනවගේ නුගත් අමු සිංහල සුරුට්ටු බයියන්ද කියල.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site