IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


LOLC ෆිනෑන්ස් රුපියල් බිලියන 25 ක ඉහළම ශුද්ධ ලාබයක් වාර්තා කරයි

 LOLC ෆිනෑන්ස් සභාපති කොන්රඩ් ඩයස් 

 

 LOLC ෆිනෑන්ස් අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී - ක්‍රිෂාන් තිලකරත්න 

  • ණය කළඹ රුපියල් බිලියන 305 පසුකරයි.
  • තැන්පතු සංචිතය රුපියල් බිලියන 225 ඉක්මවයි. 
  • ශුද්ධ අක්‍රීය ණය අනුපාතය සියයට 4.97 ක අවම මට්ටමක

LOLC ෆිනෑන්ස් පීඑල්සී, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ නව මිණුම් සලකුණක් සටහන් කරමින්, 2025 මාර්තු 31 න් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 25 ක කැපී පෙනෙන බදු ගෙවීමෙන් පසු ලාබයක් වාර්තා කර තිබේ.

මෙමගින් පසුගිය මූල්‍ය වර්ෂය තුළ වාර්තා වූ රුපියල් බිලියන 21.5 ක ලාබයට සාපේක්ෂව ආකර්ෂණීය වැඩිවීමක් සටහන් කරමින් දශාංශ දෙකක ලාබ වර්ධනයක් ලබාදී ඇත. ඓතිහාසික සන්ධිස්ථානයක් පසුකරන මෙම ක්‍රියාකාරීත්වය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අතර සාම්ප්‍රදායික සීමා ඉක්මවමින්  LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු හා සම සමව ජාතික ආර්ථිකයේ පුරෝගාමියකු ලෙස තරග කරන මූල්‍ය ආයතනයක් බවට පරිවර්තනය වීම පිළිබඳ කරුණු තහවුරු කරයි. 

LOLC ෆිනෑන්ස් හි මෙම ප්‍රබල ක්‍රියාකාරීත්වය, මූල්‍ය ඇතුළත් කිරීම, ඩිජිටල් නවෝත්පාදනය සහ කෂේත්‍රයේ නායකත්වය මත පදනම් වූ ශක්තිමත් දූරදර්ශී උපාය මාර්ගයක ප්‍රතිඵලයකි. රුපියල් බිලියන 305 ඉක්මවන ණය කළඹක් සහ රුපියල් බිලියන 225 ක තැන්පතු සංචිතයක් සමඟ LOLC ෆිනෑන්ස්, ජාතියේ ප්‍රමුඛ බැංකු හා සෘජුව සැසඳිය හැකි මූල්‍ය ශක්තියක් පෙන්නුම් කර ඇත. සමාගම විසින් මෙම කාලය තුළ වාර්තා කරන ලද තවත් කැපී පෙනෙන මූල්‍ය දර්ශකයක් වන්නේ සියයට 4.97 ක් වූ එහි ශුද්ධ අක්‍රීය ණය අනුපාතයයි  (NPL).  පෙර වසර තුළ වාර්තා වූ සියයට 10.48 ක අක්‍රීය ණය අනුපාතයට සාපේක්ෂව එහි කැපී පෙනෙන ප්‍රගතියකි. 

සමාගමේ ණය නිකුතු සහ තැන්පතු සංචිතයේ ස්ථාවර වර්ධනය, LOLCෆිනෑන්ස් සිය ගමන්මග පුරා ගොඩනංවන ලද සන්නාමයේ අගය සහ ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතිත්වය පිළිබිඹු කරයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථික භුමිකාවේ අත්‍යවශ්‍ය අංශ වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, ක්ෂුද්‍ර මූල්‍ය, කෘෂිකර්මාන්තය, ඉස්ලාමීය මූල්‍ය, කාරක ප්‍රාග්ධන, ෆැක්ටරින්, පෞද්ගලික ණය, රන් ණය සහ වාහන මූල්‍යකරණ අංශ වෙත මූල්‍ය සම්පත් යොමු කිරීමේදී තීරණාත්මක පූරකයකු ලෙස සමාගමේ භූමිකාව එමගින් සංකේතවත් කරයි.

ඛධඛක්‍ ෆිනෑන්ස් හි මෙම පරිවර්තනය ව්‍යුහාත්මක මෙන්ම උපායමාර්ගික පරිවර්තනයකි. නියාමනය කළ බැංකු නොවන මූල්‍ය ආයතන හතරක් සාර්ථක ලෙස ඒකාබද්ධ කිරීමෙන් පසු, සමාගම විසින් නිර්මාණය කරන ලද අද්විතීය මූල්‍ය ආකෘතිය මඟින් සාම්ප්‍රදායික බැංකුකරණයේ පරතරය පියවමින්, ප්‍රවේශ විය හැකි, සාධාරණ සහ පරිමාණයක් සහිත මූල්‍ය විසඳුම් ශ්‍රී ලංකාව පුරා ලබාදීමට කටයුතු කරයි. 

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර, විශාලතම ක්‍රෙඩිට් කාඞ්පත් නිකුත් කරන්නා ලෙස ද සමාගම පෙරට පැමිණ ඇති අතර, එය රිටෙල් අංශයේ එහි පරිපූර්ණ සේවාවන් පිළිබඳ සාක්ෂියක් සපයයි. 

සමස්ත වත්කම්, වගකීම් සහ ලාභ සැලකූවිට සමස්ත වෙළෙඳපොළෙන් සියයට 20 ඉක්මවූ ප්‍රබල වෙළෙඳපොළ කොටසක් නියෝජනය කරන LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා පරිසරය නැවත හැඩගස්වන ප්‍රමුඛ බලවේගයක් බවට පත්ව තිබේ. 

“මෙම විශිෂ්ට ප්‍රතිඵල අපගේ මූල්‍ය ශක්තියේ පිළිබිඹුවක් පමණක් නොව, LOLCෆිනෑන්ස්හි ආයතනික අචලත්වය, උපායමාර්ගික දැක්ම සහ ශ්‍රී ලාංකේය ජනතාවට සේවා සැලසීම සඳහාවූ තිරසාර කැපවීමේ කැඩපතක් බව” LOLCෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා පැවසීය.
 “ශක්තිමත් ක්‍රියාකාරිත්ව දර්ශක සහ ඉතා ඉහළ කාර්ය සාධන අනුපාත සමඟින්,   ශ්‍රී  ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වයට සහ දිගුකාලීන ආර්ථික වර්ධනයට අර්ථවත් ලෙස දායක වන දේශීය වශයෙන් වැදගත් මූල්‍ය ආයතනයක් ලෙස අපේ ගමන් මඟ පිළිබඳව අපි විශ්වාසයෙන් පසුවෙමු. දිවයින පුරා 200 ඉක්මවූ ශාඛාවන් ඔස්සේ පැතිරුණු අපගේ පුළුල් ප්‍රවේශය තුළින් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා විශේෂයෙන් සැකසූ බැංකු සහ මූල්‍ය විසඳුම් පිරිනැමීමට අපට ඉඩ සලසයි. 

ඩිජිටල්කරණය, මූල්‍ය ඇතුළත් කිරීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි අපගේ අවධානය සමඟින් අපගේ ණය ප්‍රමිතියේ ශක්තිය, LOLC ෆිනැන්ස් දිවයිනේ වඩාත් ගෞරවනීය බැංකු වලට සමකරයි.

LOLC ෆිනැන්ස් හි සාර්ථකත්වයේ තීරණාත්මක අංශයක් වන්නේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ එහි අඛණ්ඩ ප්‍රයත්නයයි. ඛධඛක්‍ රියල් ටයිම් සහ අයි - පේ (iPay)  වැනි ඩිජිටල් වේදිකා ඔස්සේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාර සඳහා පහසුව, ප්‍රවේශය සහ විනිවිදභාවය නැවත අර්ථ දැක්වීමට හැකිව තිබේ. ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල් ලෙස භාවිත වන ඩිජිටල් මුදල් පසුම්බිය වන සඡ්හ, (ලංකා පේ ටෙක්නොවේෂන්) LankaPay Technovation  සම්මාන උළෙලේදී අඛණ්ඩව වසර හයක් පුරා සමස්ත රන් සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගනිමින් ඩිජිටල් ගෙවීම් අවකාශයේ ආධිපත්‍යය හිමිකරගැනීමට සමත්ව සිටී. 

“මං සලකුණු සටහන් කළ මෙම ක්‍රියාකාරීත්වයෙන් මූල්‍ය ඇතුළත් කිරීම, නවෝත්පාදනය සහ ක්‍රමානුකූල වර්ධනය සඳහාවූ අපගේ ශක්තිමත් කැපවීම පිළිබිඹු කරයි”. ඛධඛක්‍ ෆිනෑන්ස් සභාපති කොන්රඩ් ඩයස් මහතා පැවසීය. ”‍LOLC ෆිනෑන්ස් හි අපි ක්ෂේත්‍රයේ ප්‍රවණතා හුදෙක් අනුගමනය කරනවා පමණක් නොව, ඒවා සකසන්නෙමු. ශ්‍රී ලංකාව තිරසාර ප්‍රකෘතිමත් වීමක් සහ සියල්ලන් ඇතුළත් වර්ධනයක් අපේක්ෂා කරද්දී LOLC ෆිනෑන්ස් හුදෙක් ඊට දායක වනවා පමණක් නොව, මූල්‍ය සම්මතය ප්‍රතිනිර්මාණය කරමින්, අවස්ථා පුළුල් කරමින් සහ  සියල්ලන් වෙනුවෙන් යහපත් ආර්ථික අනාගතයක් සකස් කිරීමේ දිරිය ශක්තිය ලෙස ඉදිරියට පැමිණ තිබේ. 

දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑර පුද්ගලයන් සහ ව්‍යාපාර අඛණ්ඩව සවිබලගන්වමින්, අපි අපේ ආයතනය ශක්තිමත් කරනවා පමණක් නොව, ශ්‍රී ලංකාව වඩාත් පුළුල් ආර්ථික අනාගතයක් කරා රැගෙන යන්නෙමු. අපේ ගමන්මඟ අරමුණකින් මෙහෙයවන තාක්‍ෂණයෙන් බල ගැන්වූ, විශ්වාසය නැංගුරමක් වූ ගමන් මඟකි.”‍

නවෝත්පාදනයට මුල් තැන යන සිය දර්ශනය තවදුරටත් ශක්තිමත් කරමින්, LOLC ෆිනෑන්ස් සහ බැංකුකරණය අවම සහ අඩු සේවා පහසුකම් සහිත ජන කොටස් වෙත කඩදාසි රහිත කෘතීම බුද්ධි (AI)  තාක්ෂණය හා බැඳුනු වඩාත් අවබෝධාත්මක මූල්‍ය අත්දැකීම් පිරිනමමින් පරිපූර්ණ මුල්‍ය අනාගතයක් කරා ශීඝ්‍රයෙන් ඉදිරියට ගමන් කරමින් සිටී. මෙම අතර, නොමැති ඇති අයට බුද්ධිමත්, වඩාත් අවබෝධාත්මක මූල්‍ය අත්දැකීම් ලබා දෙයි. මෙම උත්සාහය එහි අභිලාෂය සනාථ කරයි.

ලංකා රේටිං ආයතනයේ (LRA), (SL) A ධනාත්මක ශේණිගත කිරීම සමගින් LOLC ෆිනෑන්ස්, ප්‍රමාණවත් ප්‍රාග්ධනය, විචක්ෂණශීලී පාලනය සහ ද්‍රවශීලතාවෙන් සිය අචලත්වය සහතික කරමින්, කොටස්කරුවන්ගේ විශ්වාසය ශක්තිමත් ලෙස තහවුරු කර ඇත. මෙම ධනාත්මක ශ්‍රේණිගත කිරීම මගින් අවිනිශ්චිතතාවලට මුහුණ දීමට සමාගම සතු හැකියාව පමණක් නොව, විශ්වාසයෙන් යුත් නායකත්වයක් ලබාදීම, අරමුණක් ඇතිව කටයුතු කිරීමට ස්ථාවර ක්‍රියාකාරිත්වයක් උදෙසා පවතින හැකියාවද අවධාරණය කෙරේ.

 



අදහස් (0)

LOLC ෆිනෑන්ස් රුපියල් බිලියන 25 ක ඉහළම ශුද්ධ ලාබයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 84 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site