IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


LOLC ෆිනෑන්ස් බදු පසු ලාබය රුපියල් බිලියන 14.02 ක්

  • පෙර වසරට සාපේක්ෂව බදු පසු ලාබයේ සියයට 72ක වර්ධනයක් 
  • ණය පොත රුපියල් බිලියන 351.93ක් දක්වා ඉහළට 
  • සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 466.26ක් වෙයි 

LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ කාලසීමාව සඳහා රුපියල් බිලියන 14.02 ක බදු පසු ලාබයක් වාර්තා කිරිමට සමත්ව ඇතැයි පවසයි. 
මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් බිලියන 8.14ක බදු පසු ලාබය හා සැසඳීමේදී සියයට 72ක වර්ධනයක් බවත් සමාගම සඳහන් කරයි. 
මෙහිදී විශේෂයෙන්ම ඉහළ ශුද්ධ පොලී ආන්තික, වැඩිදියුණු වූ වත්කම් ගුණාත්මක බව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙම සාර්ථකත්වය සඳහා හේතු වූ බව LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි. 
අදාළ කාලසීමාව සඳහා සමාගම වාර්තා කර ඇති දළ ආදායම රුපියල් බිලියන 39.51 කි. මෙය පෙර වසර හා සැසඳීමේදී සියයට 8ක වර්ධනයක් පෙන්නුම් කරයි. 
එසේම ගාස්තු සහ කොමිස් ආදායම් රුපියල් බිලියන 1.50ක් දක්වා සියයට 15කින් ඉහළ ගොස් තිබේ. මෙම සාර්ථකත්වයත් සමගින්ම සමස්ත මෙහෙයුම් ආදායම් රුපියල් බිලියන 25.91ක් දක්වා, පෙර වසරට සාපේක්ෂව සියයට 15ක ඉහළ යාමක් සටහන් කර තිබේ. 
“මේ අතර අදාළ කාලසීමාව තුළදී මෙහෙයුම් වියදම් පෙර වසරට සාපේක්ෂව සියයට 10කින් ඉහළ යමින් රුපියල් බිලියන 12.02ක් බවට පත්වුණා. කෙසේ වෙතත් LOLC ෆිනෑන්ස් සමාගම ශක්තිමත් පිරිවැය විනයක් පවත්වාගෙන යමින්, සිය ශාඛා ජාලය තුළ වැඩිදියුණු කළ ඵලදායිතාවක් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවක් පවත්වාගෙන යාමට කටයුතු කළා.” 

ඒ අනුව 2025 සැප්තැම්බර් 30 වැනිදා වන විට සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 466.26ක් මට්ටමට පත්ව තිබෙන බවත්, මෙය 2025 මාර්තු 31 වැනිදා පැවැති අගයට වඩා රුපියල් බිලියන 36.53ක එනම් සියයට 8.5ක වර්ධනයක් බවත් සමාගම සඳහන් කරයි. 
 මේ අතර මාර්තු සිට සැප්තැම්බර් දක්වා වූ මාස හයක කාලසීමාවේදී සමාගමේ ශුද්ධ ණය කළඹ රුපියල් බිලියන 54.42ක් දක්වා වර්ධනය වෙමින් එය රුපියල් බිලියන 351.93ක් මට්ටමට ළගා වී ඇතැයිද සමාගම පවසයි.  එසේම අදාළ කාලසීමාවේදී පාරිභෝගික තැන්පතු ප්‍රමාණයද රුපියල් බිලියන 238.58ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ණය ගැනීම් රුපියල් බිලියන 50.16ක් දක්වා රුපියල් බිලියන 15.68කින් පහත වැටී ඇතැයිද සමාගම සඳහන් කරයි.

 



අදහස් (0)

LOLC ෆිනෑන්ස් බදු පසු ලාබය රුපියල් බිලියන 14.02 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 693 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site