LOLC ෆිනෑන්ස් සිය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සහ පෞද්ගලික මූල්‍ය ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම විශේෂයෙන් සැලසුම් කළ පුහුණු වැඩසටහන් මාලාවක් දියත් කරමින්, ශ්‍රී ලාංකීය ප්‍රජාව සවිබලගැන්වීම සඳහා වන සිය කැපවීම යළි අවධාරණය කරයි.
2009 වසරේදී පෞද්ගලික මූල්‍ය ණය හඳුන්වාදුන්දා පටන් LOLC ෆිනෑන්ස් සාම්ප්‍රදායික බැංකු සේවා සඳහා සීමිත ප්‍රවේශයක් ඇති කණ්ඩායම් අතර පරතරය පියවීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. ගොවිතැන, වෙළෙඳාම සහ කුඩා පරිමාණ නිෂ්පාදන වැනි ආදායම් උපදවන ක්‍රියාකාරකම්වලට සහාය වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ කුඩා ණය ලබා දීමෙන්, ස්වශක්තිය සහ ආර්ථික වර්ධනය දිරිගන්වන පෙරගමන්කරුවකු ලෙස LOLC ෆිනෑන්ස් ස්ථාපිත වී ඇත. දිගුකාලීන සාර්ථකත්වය උදෙසා බොහෝවිට මුල්‍යාධාර පමණක් ප්‍රමාණවත් නොවන බව හඳුනාගනිමින්, LOLC ෆිනෑන්ස් කුසලතා සංවර්ධනය සහ ආදායම් ඉපයීමේ පුහුණුව එහි සේවා අතරට එක් කිරීමෙන් දූරදර්ශි ඉදිරි පියවරක් තබා ඇත.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පෞද්ගලික මූල්‍ය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ණය උපරිම අන්දමින් උපයෝගී කරගැනීම සහ දීර්ඝකාලීන ස්ථාවරත්වයක් ලබා ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතාවලින් සන්නද්ධ කිරීම සඳහා මෙම පුහුණු වැඩසටහන් ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇත.
වාර්තා තබා ගැනීම සහ භාණ්ඩ ලේඛන කළමනාකරණය ආදී මූලික ව්‍යාපාරික භාවිතාවන් ප්‍රගුණ කිරීමේ සිට හතු වගාව, කාබනික ගොවිතැන සහ කොහු නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල විශේෂිත කුසලතා ලබා ගැනීම දක්වා, සහභාගිවන්නන්ට ඔවුන්ගේ ආදායම් හැකියාව සහ ව්‍යවසායක ඥානය වැඩි දියුණු කරලීමට අවශ්‍ය සහාය ලබාදේ. අයවැය පාලනය, ඉතිරි කිරීම සහ මුදල් ප්‍රවාහය කළමනාකරණයේ මූලික කරුණු ඉගැන්වීම මෙන්ම ණය අඩපණ වීම වැළැක්වීම සහ මූල්‍ය අවිනිශ්චිතතා මගහරවා ගැනීමේ උපාය මාර්ග සමගින් මූල්‍ය සාක්ෂරතාවේ වැදගත්කම අවධාරණය කිරීමද මෙම වැඩසටහන මගින් සිදුකෙරේ. මෙම පුළුල් ප්‍රවේශය ගනුදෙනුකරුවන්ගේ ආදායම් ඉපයීම පමණක් නොව ඔවුන් සිය මුදල් දූරදර්ශි අන්දමින් කළමනාකරණය කිරීමද සහතික කරයි.
සම්පත් කාර්යක්ෂම ලෙස යොදාගැනීමේ ක්‍රමවේද අනුගමනය කරමින් ආහාර සුරක්ෂිතතාව, තිරසර ජීවන රටාවක් සහ අතිරේක ආදායම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රබල ක්ෂේත්‍රයක් වන උද්‍යාන විද්‍යාව පිළිබඳ අවධානය යොමුකිරීම එක් කැපී පෙනෙන පුහුණු වැඩසටහනකි. මෙහිදී සහභාගිවන්නන්ට ගැළපෙන බිම් තෝරා ගැනීම, උද්‍යාන නිර්මාණය, පස සකස් කිරීම, පළිබෝධ කළමනාකරණය මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම වැනි අත්‍යවශ්‍ය කුසලතා ලබාගත හැකිවේ. සිරස් ගෙවතු වගාව සහ කාබනික පළිබෝධ පාලනය ආදී ශිල්ප ක්‍රම හරහා කුඩා ඉඩ ප්‍රමාණයක් පෝෂණයේ සහ ආදායම් ඉපයීමේ මුලාශ්‍ර බවට පරිවර්තනය කිරීමට ඔවුන් මෙහිදී සවිබල ගන්වනු ලැබේ. පුහුණුව කොම්පෝස්ට් පොහොර සකස් කිරීම සහ වැසිජලය එක්රැස් කිරීම වැනි පරිසර හිතකාමී පිළිවෙත්ද මෙම පුහුණු වැඩසටහන මගින් අවධාරණය කෙරේ.
අප වෙත වැඩිම ඉල්ලුමක් ලෙස ඉදිරිපත්වූ පුහුණු වැඩසටහනක් වන්නේ සබන් සහ ඩිටර්ජන්ට් නිෂ්පාදනයයි. මෙම පුහුණුව මගින් සහභාගිවන්නන්ට සබන් සහ ඩිටර්ජන්ට් නිෂ්පාදනය කරන කුඩා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා දෙයි. එහිදී විවිධ සබන් සහ ඩිටර්ජන්ට් වර්ග මෙන්ම ඒවායේ රසායනික සංයුති, අමුද්‍රව්‍ය ලබාගැනීම, උපකරණ සහ ආරක්ෂක අවශ්‍යතා මෙන්ම නිෂ්පාදන නිමැවුම සහ ඒවායේ අලෙවිකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පියවරෙන් පියවර ඔවුන්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදේ.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ LOLC ෆිනෑන්ස් පීඑල්සී හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ පෞද්ගලික මූල්‍ය අංශයේ ප්‍රධානී චරිත් ජාගොඩ මහතා මෙසේ පැවසීය. “ LOLC ෆිනෑන්ස්හි තිරසාර ඉලක්ක හා බැඳුනු මෙම පුහුණු වැඩසටහන් අඩු ආදායම්ලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල ව්‍යවසායකත්ව මානසිකත්වය සහ සංස්කෘතිය පෝෂණය කරමින්, ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කිරීමට හා දරිද්‍රතාව අඩුකිරීමට සහය වෙමින්, විශේෂයෙන් කාන්තාවන් ඇතුළු පුද්ගල සවිබල ගැන්වීම සඳහාවූ සමාගමේ කැපවීම පිළිබිඹු කරයි. ඉහළයන මුදල් ප්‍රවාහය පුද්ගලයන්ට හෝ පවුල්වලට සිය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, නිවාස හෝ සමස්ත සුබසාධනය වැඩිදියුණු කරලීම සඳහා යොදාගත හැකි වේ. එමෙන්ම පුහුණුව සහ අනෙකුත් අංශ හරහා අවශ්‍ය ප්‍රාග්ධනය සහ ව්‍යාපාර සඳහා සහය පුළුල් අන්දමින් හිමිවීම පවත්වාගෙන යන ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන අතර, නව ව්‍යාපාර බිහිවීමද දිරිගන්වයි. එමගින් රටේ ආදායම් ව්‍යුහය විවිධාංගීකරණය කරමින් රැකියා ජනනයට සහ ආර්ථිකය ස්ථාවර කිරීමට දායක වනු ඇත.”
විශේෂයෙන් ප්‍රතිලාභී සංචිතයේ සැලකිය යුතු කොටසක් නියෝජනය කරන කාන්තාවන් මෙමගින් දැනුම සහ ව්‍යාපාරික ඥානය ලබාගන්නා අතරම, කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරන සංස්කෘතික සම්මතයන්ට එරෙහිව නැගී සිටීමේ විශ්වාසය සහ හැකියාව ලබා ගනී. මූල්‍ය ස්වාධීනත්වය සහ ආත්ම විශ්වාසය ඇතිකර ගන්නා ඔවුන් ප්‍රජා නායකත්වයේ කුලුනු බවට පත්ව සමාජ සමානාත්මතාව අත්කරගනු ඇත.
ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර සහ ආදායම් ඉහළ නැංවීමේ හැකියාව වැඩි දියුණු කිරීමෙන් LOLC ෆිනෑන්ස් සිය ගනුදෙනුකරුවන් සංචිතය සමඟ ඇති සම්බන්ධතාව ශක්තිමත් කරනවා පමණක් නොව, පැතිරුණු අගයන් නිර්මාණය කිරීමට කැපවී සිටින සමාජීය වශයෙන් වගකිවයුතු ආයතනයක් ලෙස එහි කීර්තිනාමය ශක්තිමත් කරයි.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
LOLC ෆිනෑන්ස් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගන්වයි