භානුක අමරසිංහ
PickME අයත් ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී සමාගමේ පැවැති 4,300,000ක කොටස් හිමිකාරීත්වයක් අලෙවි කර දැමීමට LOLC සමූහයට අයත් LOLC ටෙක්නොලොජි ලිමිටඩ් සමාගම පියවර ගත් බව පවසයි. පසුගිය නොවැම්බර් 06 වැනිදා මෙම අලෙවිය සිදු කර ඇති අතර, මෙහිදී කොටසක් රුපියල් 150.00ක මිලකට අලෙවිය සිදු කර තිබේ.
එම සමාගමේ ස්වාධීන නොවන, විධායක නොවන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වන LOLC ටෙක්නොලොජි ලිමිටඩ්හි සභාපති/ විධායක අධ්යක්ෂ කොන්රාඩ් ඩයස් මහතා විසින් මෙම කොටස් අලෙවිය සිදු කර ඇත. 2025 සැප්තැම්බර් 30 වැනිදා වනවිට LOLC ටෙක්නොලොජි ලිමිටඩ් සමාගම සතුව තිබූ එම සමාගමේ කොටස් හිමිකාරීත්වය කොටස් 4,362,000ක් විය. එය සමස්ත කොටස් අතරින් සියයට 1.31ක ප්‍රතිශතයක් විය.
මේ අතර 2025 ජූනි 30 වැනිදා වන විට LOLC ටෙක්නොලොජි ලිමිටඩ් සමාගම සතුව තිබූ කොටස් ප්‍රමාණය 31,110,782ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 9.33ක් විය. කෙසේ වෙතත් 2025 සැප්තැම්බර් 9 වැනිදා එම කොටස් අතරින් කොටස් 22,034,250ක් අලෙවි කළ අතර, පසුව සැප්තැම්බර් 11 වැනිදා තවත් කොටස් 4,079,000ක් අලෙවි කෙරිණි. විදෙස් ආයෝජන අරමුදලක් වන තුන්ද්‍රා අරමුදල (Tundra Fund) එම කොටස් මිලදී ගත් බව වාර්තා විය.
2025 නොවැම්බර් මස 21
130
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
LOLC ටෙක්නොලොජි ලිමිටඩ් PickME වෙතින් ඉවත් වෙයි?