IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


LMD 2024 වසරේ වඩාත්ම සම්මානිත සාමාන්‍ය රක්ෂණ සමාගම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ සමාගම් ශ්‍රේණිගත කිරීම් අතර ගෞරවනීයම ශ්‍රේණිගත කිරීමක් වන zLMD වඩාත්ම සම්මානිත සමාගම්’ ලැයිස්තුවේ 2024 වසර තුළ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම සම්මාන දිනූ සමාගම වශයෙන් ඇගයීමට පාත්‍ර වී ඇත. මෙම ඇගයීම විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් වෙනුවෙන් ඇති සිය කැපවීම හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන ඇති ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරන්නක් ලෙසින් හැඳින්විය හැකිය. 

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට මෙම ඇගයීම හිමි වන්නේ ඉතා මෑතකදී ෆිච් ශ්‍රේණිගත කිරීම් යටතේ සමාගමේ මූල්‍ය ශක්තිය සලකා බලා ‘A-(lka)’ සිට දක්වා ‘A-(lka)’ ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා දුන් පසුබිමක වීම තවත් විශේෂත්වයකි. අවදානම් කළමනාකරණ හැකියාව, මෙහෙයුම් කාර්යසාධනය සහ බාහිර අභියෝග මධ්‍යයේ සාර්ථක මූල්‍ය ප්‍රතිඵල අත්පත් කරගැනීමට ඇති හැකියාව තක්සේරු කිරීමෙන් අනතුරුව ලබා දෙන මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සවිමත් මූල්‍ය ස්ථාවරය සහ සංකීර්ණ, අභියෝගාත්මක ආර්ථික තත්වය යටතේ සාර්ථකව ක්‍රියා කිරීමට ඇති හැකියාව පෙන්වා දෙන්නකි. මෙම නව ශ්‍රේණිගත කිරීම සමාගමේ නොසැලෙන ශක්තිය මෙන්ම තිරසාර දීර්ඝ කාලීන වර්ධනයට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරන නිසා ආයෝජකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ හවුල්කරුවන් ඇතුළු සමාගමේ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට එය හේතුසාධක වී ඇත. එමෙන්ම එය පාරිභෝගිකයන් හට විශ්වාසනීය, උසස් තත්වයේ රක්ෂණ විසඳුම් ලබාදීමට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට සතු හැකියාව ප්‍රදර්ශනය කරමින් සමාගමේ කීර්තිය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වී ඇත. 

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සිතුමිණි ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම වශයෙන් ඇගයීමට ලක්වීම අපට විශාල ගෞරවයක්. එමෙන්ම එය අපේ පාරිභෝගි‍කයන් අප කෙරෙහි තබන අති මහත් විශ්වාසයත්, එම විශ්වාසය දිනාගැනීම වෙනුවෙන් අපේ සමස්ත කණ්ඩායම දක්වන අතිමහත් කැපවීමත් මනාව පෙන්වා දෙන්නක් කියා මා සිතනවා. හැමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගෙන, උසස්ම සේවාවක් සහ විශිෂ්ටතම නව්‍යකරණයන් සමඟ ඉදිරියට යන ගමනක තවත් වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් අපි මෙම ජයග්‍රහණය සලකනවා”.

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෝටර් සහ මෝටර් නොවන රක්ෂණ සේවාවල සිට වෛද්‍ය, නිවාස, ගිනි, සමුද්‍ර, සංචාරක සහ ඉංජිනේරු විසඳුම් රක්ෂණ වැනි ඉතා පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවා ලබා දෙන අතරම අඛණ්ඩවම නව්‍යකරණය වෙමින් සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයට නැවුම් රක්ෂණ විසඳුම් හඳුන්වාදීමටද කටයුතු කරන සමාගමකි. ගොවීන්ගේ කාලීන අවශ්‍යතා සලකා බලා ඔවුන්ට සහය අවශ්‍යම අවස්ථා වෙනුවෙන් හඳුන්වා දුන් අස්වනු සහ පශූ සම්පත් සඳහා වන පරාමිතික රක්ෂණ ක්‍රමය ඒ ආකාරයෙන් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පළමු වරට හඳුන්වා දෙන ලද රක්ෂණ විසඳුමකි. මෙවැනි නව්‍යකරණ හරහා පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට සරිලන, තිරසාරත්වය ප්‍රවර්ධනය කරන, නිවැරදි අනාගත දැක්මකින් යුත් රක්ෂණ විසඳුම් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දීමට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට හැකියාව ලැබී ඇත.



අදහස් (0)

LMD 2024 වසරේ වඩාත්ම සම්මානිත සාමාන්‍ය රක්ෂණ සමාගම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site