IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


LMD ආයතනික සතුටු දර්ශකයේ මුල්තැන කොමර්ෂල් බැංකුවට

LMD  සඟරාව විසින් නිකුත් කරන ලද සමාරම්භක ආයතනික සතුටු දර්ශකයේ (Corporate Happiness Index)  ශ්‍රී ලංකාවේ බැංකු අතරින් කොමර්ෂල් බැංකුව පළමු ස්ථානයට පත්ව ඇත. 
PepperCube  උපදේශක ආයතනය විසින් මෙම සමාරම්භක මුලපිරීම වෙනුවෙන් සිදු කරන ලද සමීක්ෂණයේ දී සලකා බලන ලද ගුණාංග 16 හි ලබාගත් ඉහළ ස්ථාන පදනම් කරගෙන එම ශ්‍රේණිගත කිරීමේ සියලුම ක්ෂේත්‍රවල සමස්ත පස්වැනි ස්ථානය ලබා ගනිමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ “ප්‍රීතිමත් ම දෙවැනි නිවහන්” අතරින් එකක් ලෙස තේරී පත් විය. 
මෙහි විශේෂ කරුණක් වූයේ, එසේ සලකා බලන ලද ගුණාංග 16න් 14ක ම බැංකූ ක්ෂේත්‍රයේ ඉහළම ලකුණු ලබා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් වීමයි. සේවකයන් සම්බන්ධ මූලික වශයෙන් වැදගත් අංශ වන ‘වැටුප් පරිමාණ’, ‘දීමනා සහ වරප්‍රසාද’, ‘වෘත්තීය ප්‍රගතිය’, ‘රැකියාවේ පරිසරය’, ‘ස්ත්‍රී පුරුෂ සමතුලිතතාව’, ‘සෞඛ්‍ය සහ යහපැවැත්ම’, ‘රැකියාව සහ ජීවිතයේ සමතුලිතතාව’, ‘සේවා ස්ථානයේ විවිධත්වය’ සහ ‘සේවා ස්ථානයේ නම්‍යශීලී බව’ වැනි අංශ ඒ අතර විය. 
තවද, ‘මූල්‍ය ස්ථාවරත්වය’, ‘ආයතනික නායකත්වය’, ‘සේවා ස්ථානයේ සුහද බව’, ‘විවෘත සංස්කෘතිය’, සහ ‘විනෝදාත්මක ක්‍රියාකාරකම්’ යන අංශ සඳහාද බැංකු අංශයේ අංක එක බවට පත් වීමට ද කොමර්ෂල් බැංකුව සමත් විය. 
බැංකු අංශය තුළ කැපී පෙනෙන නායකත්වයට අමතරව, සමීක්ෂණයට අදාළ ගුණාංග 16න් 10ක් සඳහා කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ සියලුම ක්ෂේත්‍රවල ඉහළම ස්ථාන ලබා ගත් ආයතන පහ අතර වූ අතර, ගුණාංග 15ක් සඳාහා ශ්‍රී ලංකාවේ පළමු සමාගම් 10 අතර විය. 
බැංකුව විසින් සමස්ත ශ්‍රේණිගත කිරීමේ දී ‘මූල්‍ය ස්ථායීතාව’ සහ ‘සේවා ස්ථානයේ සුහදබව’ යන ගුණාංගවලින් දෙවැනි ස්ථානය ද, ‘වෘත්තීය ප්‍රගතිය’ හි තෙවැනි ස්ථානයත්, ‘සේවා ස්ථානයේ විධත්වය’ සහ සේවා ස්ථානයේ නම්‍යශලී බව’ සඳහා සිව්වැනි ස්ථානයත් ලබා ගන්නා ලදී.
“අද කාලයේ වේගවත් ව දිවෙන ආයතනික පරිසරයන් තුළ රැකියා ස්ථානයේ සතුට අතිශයින් වැදගත්වනවා, රැකියා ස්ථානයේ යහපැවැත්ම පිළිබඳ අවබෝධය නැවත අර්ථ දැක්වීම සහ මෙම ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ප්‍රගතිය සලකා බලා එම ආයතන ශ්‍රේණීගත කිරීමට ගත් LMD  සඟරාවේ මෙම පෙරළිකාර උත්සාහය අපි අගයනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. 



අදහස් (0)

LMD ආයතනික සතුටු දර්ශකයේ මුල්තැන කොමර්ෂල් බැංකුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site