
භානුක අමරසිංහ
ඇසෝසියේටඞ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AMF) සමාගම නිකුත් කර ඇති 113,327,268ක සමස්ත සාමාන්‍ය ඡන්දහිමි කොටස් ප්‍රමාණයම අත්පත් කරගැනීම සඳහා ඛඊ ෆිනෑන්ස් සමාගම ඉදිරිපත්ව ඇතැයි පවසයි. ඊට අදාළ ලිපි එම කොටස්හිමිකරුවන් වෙත ප්‍රසිද්ධ කෙරී තිබේ.
පසුගිය සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ ගනුදෙනුවකට අනුව LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඇසෝසියේටඞ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ප්‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා සතු වූ කොටස් 74,341,560ක් මිලදී ගත්තේය. එය සමස්ත කොටස් අතරින් සියයට 65.6ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 50ක් බැගින් ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 3.71 ක් විය.
ඒ අනුව ඉතිරි සියයට 34.4ක ප්‍රතිශතයට අදාළ වන කොටස් මිලදී ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර මෙලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සියයට 100ක ප්‍රතිශතයක් අත්පත් කරගැනීම LB ෆිනෑන්ස් සමාගමේ අරමුණ වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
LB ෆිනෑන්ස් සමාගම AMF හි ඉතිරි සියයට 34.4ත් ඉල්ලයි