IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


KVC අඛණ්ඩව දෙවැනි වරටත් Pinnacle සම්මානයට පාත්‍රවෙයි

 

  • රටවල් රැසකටත් අපනයනය කරනවා
  • විසි වසරක කාලයේදී සම්මාන රැසක්

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට කැලණි වැලි කැනරීස් සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පලතුරු ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ හොඳම සන්නාමය” ලෙස සම්මානයට පාත්‍රව, මේ වසරේ පැවැති සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් Pinnacle Sri Lanka Awards කීර්තිමත් සන්නාම අතර ගෞරවයට පත්වූ KVC සන්නාමය පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ ජනාධිපති අපනයන සම්මාන ඇතුළු ගෞරව සම්මාන රැසකට හිමිකම්කීමට සමත්ව ඇත.

1968 වසරේ සිට ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ ආහාර සැකසුම් ආයතනයක් ලෙස ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනා සිටින කැලණි වැලි කැනරීස් සමාගම පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාර සංස්කෘතියක් මුල්කරගනිමින් KVC සන්නාමය යටතේ උසස් තත්වය හා නව්‍යකරණය මුසුවූ නිෂ්පාදන රැසක් දෙස් විදෙස් වෙළෙඳපොළට නිකුත් කරයි. සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ සාමාජිකයකු වන KVC නිෂ්පාදනය, අලෙවිකරණය හා පලතුරු සහ එළවළු අපනයන ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමකි.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක හේමක අමරසූරිය මහතා Pinnacle Sri Lanka Awards 2024  සම්මානය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මෙම සම්මානය KVC පවත්වාගෙන ආ පාරම්පරික විශිෂ්ටත්වය වත්මන් පරපුරට විදහා දැක්වූ අවස්ථාවක්. අපේ හෘදයාංගම පාරිභෝගිකයන්, විශිෂ්ටත්වය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන KVC කාර්ය මණ්ඩලය සහ අප කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන සියලු‍ ආයතනික පාර්ශ්වකරුවන් සියලු‍දෙනා නොවන්නට අපට මෙම සම්මානය හිමිවන්නේ නැහැ, ඒ සියලු‍ දෙනාට මගේ ගෞරවය මේ මොහොතේ පිරිනමනවා. අපි එකමුතුව ඉදිරියටත් හොඳම දේ හොඳම විදිහට කරමු.”
KVC ආහාර සැකසුම් කටයුතු ආරම්භයේ සිට අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා නැවුම්බව හා උසස් තත්වය රැකගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියේ අතිනවීන යන්ත්‍ර සූත්‍ර තාක්ෂණ ක්‍රමවේදයක් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කෙරෙන තත්ව පාලන ක්‍රමවේදයක් භාවිත කරනු ලබයි. KVC සන්නාමය ISO 22000:2018, GMP, HACCP  සහ SLS දෙස් විදෙස් ප්‍රමිති සහතික හරහා සහතික කළ විශිෂ්ට ආහාර සැකසුම් කුමවේදයක් පවතී. උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය හා ඈත පෙරදිග රටවල් රැසක වෙළෙඳපොළ ආවරණය කරමින් යුරෝපය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, මැදපෙරදිග හා ඇමරිකා එක්සත් ජනපදය වෙතද සිය නිෂ්පාදන අපනයනය කරමින් KVC සන්නාමය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කීර්තියක් අත්කරදී ඇත.

KVC සන්නාමයේ නිෂ්පාදන පෙළ යටතේ ටින් කළ පලතුරු සහ එළවළු, චට්නි, කෝඩියල්, පලතුරු යුෂ, ජෑම්, නෙක්ටා, පේස්ට්ස්, සම්බල් වර්ග, සෝස් වර්ග, පැණි වර්ග සහ විනාකිරි කැපීපෙනෙයි. 



අදහස් (0)

KVC අඛණ්ඩව දෙවැනි වරටත් Pinnacle සම්මානයට පාත්‍රවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 659 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site