
කඩවත Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂAsia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මග පෙන්වයි.
KLC ආයතනය කොරියානු භාෂා යෝග්‍යතා විභාගයට (EPS-TOPIK) පෙනී සිටි සිසුන් දහස් ගණනකට භාෂා පුහුණුව දී ඇත. ඒ අතරින් විශාල පිරිසක් ඉහළ ලකුණු ලබා විභාගය සමත් වී රැකියා සඳහා දකුණු කොරියාවට ගොස් තිබේ. සෑම සිසුවකු කෙරෙහිම වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කරන KLC ආයතනය සාර්ථකව විභාගයට මුහුණ දීමට ඔවුන්ට අවශ්‍ය කුසලතා සහ ආත්ම විශ්වාසය ගොඩ නඟයි.
කොරියානු හෝඩියේ පටන් විභාගයට මුහුණ දීමට අවශ්‍ය සියලු කරුණු ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කෙරේ. කොරියානු රැකියා විභාගය වාර්ෂිකව පවත්වන නමුත් නිශ්චිත දිනයක් නොමැති නිසා මාස හයක්, අවුරුද්දක් හෝ ඊටත් වැඩි කාලයක් පන්තිවලට සහභාගී වෙමින් විභාගය පැවැත්වෙන දිනය දක්වාම අමතර ගාස්තුවකින් තොරව භාෂා පුහුණුව ලැබිය හැකිය. දෙරට රජය අතර ඇති කර ගත් ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව දකුණු කොරියානු රැකියා කෝටාවක් හිමි වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා නොමිලයේ ලැබෙන එම රැකියා හිමි කර ගැනීමට EPS-TOPIK (Employment Permit System - Test of Proficiency in Korean) විභාගයට පෙනී සිටිය යුතුය. එය සමත් වන අවුරුදු 18-39 අතර ඕනෑම ශ්‍රී ලාංකිකයකුට රැකියා හිමි වේ.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
KLC නිර්මාතෘටAsia Miracle සම්මාන