
Home Lands සමූහය සිය Central Park Boulavard - Port City Colomboඅති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය එළිදක්වා මාස 3ක් වැනි කෙටි කාලසීමාවකදී එහි piling යෙදීමේ කටයුතු (ටැම් අත්තිවාරම් යෙදීම) සියයට 60 ක ප්‍රමාණයක් අවසන් කිරීමට සමත්ව තිබේ.
එය සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් සැලසුම් කර තිබූ ප්‍රමාණයටත් වඩා සියයට 10ක පමණ ප්රතිශතයක ප්‍රගතියක් පෙන්වීමද විශේෂත්වයකි. මෙලෙස සැලසුම් කරන ලද කාලසීමාවට වඩා ඉදිරියෙන් ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුවීමෙන් Home Lands සමූහය පොරොන්දු වූ කාලසීමාව තුළම සිය නිවාස ඒකකවල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳ තබා ඇති විශ්වසනීයත්වය නැවතත් තහවුරු වේ. Piling යෙදීමේ කටයුතු සඳහා ප්‍රධානතම කොන්ත්‍රාත් සමාගම් ලෙස Access Engineering PLC, Sanken Construction’s San Piling (Pvt) Ltd., සහD P Jayasinghe Piling Company (Pvt) Ltd. යන සමාගම් තුන යටතේ විදුම් යන්ත්‍ර 9ක් එකවර ක්‍රියාත්මක කෙරෙමින්, piles 192 ක ගණනක් මේ යටතේ ඉදිකෙරෙණු ඇත.
කොළඹ වරාය නගරයේ දියත් කෙරෙන Central Park Boulevard අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක. ඒ වෙනුවෙන් Home Lands සමූහය ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක දැවැන්ත ආයෝජනයක් කළ අතර ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ද ඉක්මවයි. එය සැලකෙන්නේ තනි දේශීය සමාගමක් විසින් මෙතෙක් සිදුකරන ලද විශාලතම ආයෝජනය ලෙසයි. වරාය නගරයේ Central Park District තුළ අක්කර 40කට අධික මනරම් හරිත උද්‍යානයට මුහුණලා ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය කුලුනු දෙකකින් සමන්විත වන අතර නිවාස ඒකක 640කින් ද සමන්විතය.
Home Lands සමූහය කොළඹ වරාය නගරය තුළ සිය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරමින් පළමු බිම් කොටස මිලදී ගෙන ඉතා කෙටි කලක් තුළ, දෙවැනි බිම් කොටස ද Central Park District තුළම අත්පත් කරගැනීමට සමත් වීම ද තවත් වැදගත් සන්ධිස්ථානයකි. මෙලෙස මිලදී ගත් දෙවැනි බිම් කොටස Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතිය ඉදිවන භූමියට යාබද භූමි භාගය වන අතර අක්කර තුනක පමණ විශාලත්වයකින් සමන්විත ය. මෙලෙස කොළඹ වරාය නගරයේ ම තවත් බිම් කොටසක් මිලදී ගැනීමෙන් Home Lands සමූහය සතු මූල්‍ය ශක්තිය මෙන්ම මෙරට ආර්ථිකයේ හෙට දවස වෙනුවෙන් සමූහය සතු දූරදර්ශී සැලැස්ම ද මනාව පිළිබිඹු වේ.
Home Lands සමූහය, මහා පරිමාණයේ සුඛෝපභෝගී නිවාස සංවර්ධන ව්‍යාපෘති හරහා resort apartment සහ villa සහ ඩසකක් ඒකක 5,000කට වැඩි ගණනක් අලෙවි කර ඇත. එමෙන්ම මේ වන විට ඉදිකිරීම් නිම කළ නිවාස ඒකක 3,750කට වැඩි ගණනක් පාරිභෝගිකයන් වෙත භාරදී ඇති අතර, තවත් ඒකක 400 ඉක්මවූ සංඛ්‍යාවක් මෙම වසර තුළ භාරදීමට ද සූදානම්ව පවතී. එමෙන්ම තවත් නිවාස ඒකක 2,850කට වැඩි ප්‍රමාණයක ඉදිකිරීම් ද මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd