එළැඹෙන ශීත ඍතුව ඉලක්ක කරගනිමින් ගුවන් සේවා රැසක් ලංකාව වෙත සිය ඍජු ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අතරින් බ්‍රිතාන්‍යයේ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවය ලබන ඔක්තෝබර් 23 වැනිදා සිට එරට ගැට්වික් ගුවන් තොටුපොළ සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා සිය මෙහෙයුම් ආරම්භ කරන බව පවසයි. එම ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නේ වසර 11 කට පසුව බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර රුසියාවේ අසූර් එයාර් ගුවන්සේවයත් නැවතත් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නොවැම්බර් මාසයේ සිට එම මෙහෙයුම් නැවත ආරම්භ කෙරෙන බව ගුවන්සේවය නිවේදනය කර ඇත. එහිදී රුසියාවේ ගුවන්තොටුපොළ 05ක සිට කොළඹ වෙත මෙම ගුවන් මෙහෙයුම් සිදු කෙරේ. අසූර් එයාර් ගුවන් සේවයට අමතරව රුසියාවේ එරෝෆ්ලොට් සහ එස් සෙවන් ගුවන් සේවාද ශීත ඍතුව වෙනුවෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd