කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වන RAPC (Rubber and Allied Products (Colombo) Ltd.  සමාගම හා ඒකාබද්ධවීමට තීරණය කර ඇතැයි පවසයි. 

එම සමාගමේ සියයට 99.99 ක කොටස් හිමිකාරීත්වයක් කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වෙත හිමිය. එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ඊට අදාළ තීරණය ලබා දී තිබේ. 

ඒ අනුව මෙහිදී RAPC මගින් නිකුත් කර ඇති කොටස් 1,506,000 ක් කොටගල ප්ලාන්ටේෂන්ස් වෙත හුවමාරු කිරීමක් සිදු නොවන බවත්, ඒ වෙනුවට එම සමාගම හැර RAPC හි සියයට 9ක කොටස් හිමිකාරීත්වයක් සහිත පිරිස වෙත එක් කොටසකට රුපියල් 8.10 ක් බැගින් මුදල් ගෙවීමක් සිදු කරන බවත් සමාගම පවසයි. එසේම මෙම ඒකාබද්ධවීමත් සමගින් කොටගල ප්ලාන්ටේෂන්ස් සතු වූ RAPC හි කොටස් අවලංගු වීමක් සිදුවන බවත් වැඩිදුරටත් පවසයි.