නිමල කොඩිතුවක්කු
බිම්ස්ටෙක් තාක්ෂණික පැවරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2008 වර්ෂයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බහු ආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුල පිරීම සංවිධානයේ (BIMSTRC) දෙවන රාජ්‍ය නායක සමුළුවේදී කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් BIMSTEC තාක්ෂණික පැවරුම් පහසුකමක් සත්කාරක රට සමඟ ඇති කරගනු ලබන ගිවිසුමක් මගින්‘ (Host Country Agreement) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබ ඇත. ඒ සඳහා ව්‍යා සහයෝගිතා ගිවිසුම 2022-03-30 දින කොළඹදී පැවති පස්වන BIMSTEC සමුළුවේදී අදාළ සාමාජික රටවල් විසින් අත්සන් කරනු ලැබ තිබේ. BIMSTEC සාමාජික රටවල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා තාක්ෂණය ලබා දීම, ධාරිතා වර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය මෙම තාක්ෂණික පැවරුම් පහසුකමෙහි ප්‍රධාන අරමුණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd