IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


Hettichශ්‍රී ලංකාවේ පළමු අතිනවීන අත්දැකීම් මධ්‍යස්ථානය විවෘත කරයි


අති නවීනHettich උපාංගවලින් සවිකර ඇති ගෘහ භාණ්ඩ පිළිබඳ සුවිශේෂී  අත්දැකීමක් Hettich Experience Centre  ඔස්සේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය.

අන්තර්ජාතික වෙළෙඳපොළේ ගෘහ උපකරණ  නිෂ්පාදනය පිළිබඳ  ප්‍රමුඛතම සන්නාමයක් වනHettich  හි මෙරට ප්‍රථම අත්දැකීම් මධ්‍යස්ථානය ( Experience Centre ) පසුගියදා කොළඹදී විවෘත කළේය. මෙම අවස්ථාවට Hettich India  නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවන් සහ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ සාමාජිකයෝ සහභාගී වී සිටියහ. Hettich අද්විතීය ගෘහ නිර්මාණ විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීමේ වැදගත් සන්ධිස්ථානයක් මෙමගින් සනිටුහන් කරයි.

වර්ග අඩි 3,500කට වඩා වැඩි පුළුල් භූමියක ඉදිකර ඇති  මෙම අත්දැකීම් මධ්‍යස්ථානය ඔස්සේ Hettich සුවිශේෂී ගෘහ භාණ්ඩ සවිකිරීම පිළිබඳ මෙන්ම වාස්තු විද්‍යාත්මක දොර දෘඩාංග, ගෘහ භාණ්ඩ ආලෝකකරණය ආදීය පිළිබඳ පාරිභෝගිකයන් වෙත නව්‍ය අත්දැකීමක් පිරිනමයි. ගෘහ නිර්මාණ ශිල්පීන්ට, ගෘහ අභ්‍යන්තර  නිර්මාණකරුවන්ට, ගෘහ භාණ්ඩ නිෂ්පාදකයන්ට සහ පාරිභෝගික ජනතාවට සියුම් සෞන්දර්යාත්මක නිර්මාණකරණයේ සිට අන්තර්ක්‍රියාකාරී සංදර්ශක දක්වා සෑම තොරතුරක්ම සවිස්තරාත්මකව පැහැදිලි කර ගත හැකි පරිසරයක් මෙහි නිර්මාණය කර ඇත.

Hettich India, Middle East, Africa & SAARC  හි කළමනාකාර අධ්‍යක්ෂ ආන්ද්‍රේ එක්හෝල්ට් (Andre Eckholt)  මහතාගේ සහ Vallibel One සහ Delmege  සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දිනූෂා බාස්කරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙමHettich’s Experience Centre  විවෘත කරන ලදී. එමෙන්ම මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා සහභාගි වූවේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ආන්ද්‍රේ එක්හෝල්ට් (Andre Eckholt)  මහතා මෙසේ සඳහන් කළේය. වේගයෙන් වෙනස් වන මෙන්ම වර්ධනය වන වෙළෙඳපොළේ අපගේ සන්නාමයේ ස්ථාවරත්වය තවදුරටත් සවිමත් කරමින් ශ්‍රී ලංකාව තුළ  පළමුHettich Experience Centre  විවෘත කිරීමට හැකිවීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. පාරිභෝගික ජනතාව වෙත Hettich නිෂ්පාදන පිළිබඳ සැබෑ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නිර්මාණය කරන ලද මෙම මධ්‍යස්ථානය ඔස්සේ අප සන්නාමය මගින් නිමවන අද්විතීය ගෘහ නිර්මාණ විසඳුම් ස්පර්ශ කිරීමට, දැක ගැනීමට මෙන්ම ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමට අවස්ථාව හිමි වෙනවා. එමෙන්ම සවිමත් දේශීය පැවැත්මක් සහිත විශ්වසනීය සන්නාමයක්  වන Delmege සමඟ හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීම තුළින් අපගේ සේවා පුළුල් කිරීමට සහ ශ්‍රී ලාංකික නිවාස සහ අවකාශයන් තවදුරටත් දිරි ගැන්වීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා.”‍ 

දිනූෂා බාස්කරන් මහත්මිය මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය.“ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන නිෂ්පාදන සහ අත්දැකීම් Delmege සන්නාමය ඔස්සේ හඳුන්වාදීමට අපි නිරන්තරයෙන් උත්සහ කරනවා. Hettich Experience Centre  විවෘත කිරීම හුදෙක් ව්‍යාපාරික අවස්ථාවක් නොවේ, එය ඉන් ඔබ්බට විහිදෙනවා. එමඟින් නිර්මාණකරණය මූලික කරගත් ජීවන රටාව පිළිබඳ අපගේ විශ්වාසය මෙන්ම ගෝලීය පිළිගැනීම ලැබූ ප්‍රකට නවෝත්පාදන ශ්‍රී ලාංකික නිවාස වෙත සමීප කිරීම සඳහා අප දක්වන කැපවීම ද මැනවින් පිළිබිඹු වෙනවා.”

 



අදහස් (0)

Hettichශ්‍රී ලංකාවේ පළමු අතිනවීන අත්දැකීම් මධ්‍යස්ථානය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site