IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


HNB, Teen Quiz Champs හරහා තරුණ පරපුර සවිබල ගන්වයි



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රධාන අධ්‍යාපන වැඩසටහනක් වන HNB Teen+ Quiz Champs පසුගියදා මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි. ගණිතය, විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණය, තිරසාරභාවය, ඉතිහාසය සහ සාමාන්‍ය දැනුම යන විෂයන් පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලද මෙම තරගාවලියට පාසල් 80 කින් සිසු සිසුවියන් 600 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

බැංකුවේ තැන්පතු බලමුළු ගැන්වීමේ ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වූයේ පාසල් සිසු සිසුවියන්ට තම දැනුම වැඩි දියුණු කිරීමට, තරගයකදී එකිනෙකාට එරෙහිව ඔවුන්ගේ කුසලතා පරීක්ෂා කිරීමට සහ තම සම වයසේ මිතුරන් සමග අත්දැකීම් බෙදාහදා ගනිමින් පෞද්ගලිකව සහ අධ්‍යාපනික වශයෙන් දියුණු වීමට අවස්ථාවක් ලබා දීමයි. තවද සිසු සිසුවියන් මෙහිදී තම අධ්‍යයන විශිෂ්ටත්වය, කණ්ඩායම් හැඟීම හා ඉගෙන ගැනීමට ඇති දැඩි ඇල්ම පෙන්නුම් කළේය.

මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය යොවුන් වියේ පසුවන්නන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති HNB ys Teen+ ගිණුමට ද සම්බන්ධ කර ඇත. මෙම ගිණුම රුපියල් 1,000 ක් වැනි අවම මුදලකින් ආරම්භ කළ කළ හැකි අතර Tap & Go ඩෙබිට් කාඩ්පතක්, real-time SMS සේවාව, ඩිජිටල් බැංකුකරණ ප්‍රවේශය, මුදල් ආපසු ගැනීම්, විද්‍යුත් ප්‍රකාශන මෙන්ම විශේෂ වට්ටම් හා දීමනා වැනි බොහෝ ප්‍රතිලාභවලින් ද සමන්විතය. එමෙන්ම HNB Teen+ ගිණුම සිසුන්ට තමන්ගේම බැංකු කටයුතු කළමනාකරණය කිරීමට හැකියාව ලබා දෙන අතරම ඔවුන්ට පෞද්ගලිකව වර්ධනය වීමටද උපකාරී වෙයි.

මාතරදී පැවති වැඩසටහන සඳහා පාසල් 42ක් සහ සිසුන් 340කට අධික සංඛ්‍යාවක් සහභාගී විය- එහිදී මාතර සුජාතා විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනා ගත් අතර මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තේය. මෙම අවස්ථාවට HNB උප සභාපති - තැන්පතු විරංග ගමගේ සහ දකුණු පළාතේ AVP/ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රධානී රජිත විජේනායක සහභාගී වූහ.

මීට අමතරව පාසල් 38ක් සහ සිසු සිසුවියන් 304ක් බදුල්ලේදී පැවති වැඩසටහනට සහභාගී වූ අතර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය මෙහි ප්‍රථම ස්ථානයත්, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ ඌව විද්‍යා විද්‍යාලය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගනු ලැබීය. HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම සහ උප සභාපති - තැන්පතු විරංග ගමගේ යන මහත්වරු මෙහි ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගී වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “ Teen+ Quiz Champs හරහා අපි අලුත් පරම්පරාවට උද්යෝගයෙන් හා ආශාවෙන් ඉගෙන ගැනීමට දිරිමත් කරනවා- මෙහිදී සිසුන් විසින් පෙන්නුම් කළ දැඩි උද්යෝගය හා ආශාව විශිෂ්ටයි- ඒවගේම තරුණ ප්‍රජාව අතර විශ්වාසය, කණ්ඩායම් හැඟීම සහ වර්ධනය ගොඩනගන වැඩසටහන් සඳහා සහාය වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වනවා-” යනුවෙනි.



අදහස් (0)

HNB, Teen Quiz Champs හරහා තරුණ පරපුර සවිබල ගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site