IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


HNB Remit වෙතින් අගනා ත්‍යාග දිනා ගන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ HNB Remit ප්‍රවර්ධන වැඩසටහන වනිඑතෙර සල්ලි සමග මෙතෙර දිනන්න’ හරහා පිටරට සිට එවන මුදල් (ප්‍රේෂණ) ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාව තවත් ශක්තිමත් කරමින් ඔවුන්ව ඇගයීමට හා ත්‍යාග ලබා දීමට පසුගියදා කටයුතු කළේය. 
2025 ජුනි 2 වැනි දින ආරම්භ වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 අගෝස්තු 24 වැනි දින දක්වා ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ HNB Remit සේවාව සමඟ අත්වැල් බැඳගෙන ඇති ජාත්‍යන්තර හවුල්කරුවන් හරහා එතෙර සිට එවන මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට සෑම සතියකම රු. 50,000 ක් දිනා ගැනීමේ අවස්ථාව ලබා දෙයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණ වන්නේ විදේශයන්හි ජීවත්වන සහ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට මුදල් එවීමේදී ආරක්ෂිත, වේගවත් සහ විශ්වාසනීය ප්‍රේෂණ සේවාවක් ලෙස HNB Remit භාවිතා කිරීමට දිරිගැන්වීමයි. තවද මෙය පැවැත්වෙන කාල සීමාව තුළ රියා, වෙස්ටර්න් යුනියන්, මනිග්‍රෑම් හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර ප්‍රේෂණ සේවාවක් හරහා මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන් සතිපතා දිනුම් ඇදීමකට ඇතුළත් වේ. ඒ අනුව සෑම සතියකම, අහඹු ලෙස තෝරා ගනු ලබන එක් වාසනාවන්ත ජයග්‍රාහකයකුට ඔවුන් තුළ බැංකුව කෙරෙහි පවතින අඛණඩ විශ්වාසයට කෘතගුණ සැලකීමක් ලෙස රුපියල් 50,000 ක ත්‍යාග මුදලක් ලබා දෙයි.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ HNB උප සභාපතිනි ආයතනික බැංකුකරණ නටාෂා හේ මහත්මිය මෙසේ සඳහන් කළාය. “ශ්‍රී ලංකාවට විදේශ මුදල් යැවීම අපේ ජාතික ආර්ථිකයට අත්‍යවශ්‍ය කොටසක්. එමගින් ගොඩනැගෙන පවුල් ශක්තිමත් කිරීම අපේ අරමුණයි. HNB Remit සේවාව මගින් ගනුදෙනුකරුවන්ට ඉක්මනින් විශ්වසනීය වූ සහ නවීන තාක්ෂණය මගින් පහසුවක් ලබා දීමට අප කැපවී සිටිමු. මෙම ත්‍යාග ලබා දීමේ වැඩසටහන මගින් ගනුදෙනුකරුවන්ට විශේෂිත වාසි ලබා දීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙමු.” 
ඒ අනුව කේ. ජේ. සෙල්වි, යූ. පී. ධර්මකීර්ති, සන්දනකුමාරන් කයල්විලි සහ ප්‍රියන්ත වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් HNB Remit සේවාව හරහා මුදල් ලබා ගනිමින් සතිපතා රු. 50,000 මුදල් ත්‍යාග දිනාගත් පළමු වාසනාවන්ත ජයග්‍රාහකයෝ වූහ. 
HNB Remit සේවාව ආරක්ෂිත, භාවිතයට පහසු සහ නව්‍යකරණය සඳහා දිගු කලක් තිස්සේ පිළිගැනීමට ලක්ව ඇත. දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254 කට අධික සංඛ්‍යාවක් සහ ස්වයං සේවා යන්ත්‍ර 800 කට අධික සංඛ්‍යාවක ශක්තිමත් ජාලයකින් සමන්විත HNB ඉහළ පෙළේ ජාත්‍යන්තර ප්‍රේෂණ සේවා සමග හවුල්කාරිත්වය හරහා ගනුදෙනුකරුවන්ට ලොව ඕනෑම තැනක සිට ආරක්ෂිතව සහ විශ්වසනීය ලෙස මුදල් ලබා ගත හැකි බව සහතික කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන HNB හි අඛණ්ඩ කැපවීම මත ගොඩනැගෙමින් විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා වැඩි උද්යෝගයක් සහ අගය කිරීමක් එක් කරයි. එතෙර සිට එවන මුදල් ලබා ගන්නා සියලු‍ දෙනාට මුදල් ත්‍යාග දිනා ගැනීමට මෙම අවස්ථාව භාවිත කරන ලෙසත් බැංකුවේ විශ්වාසනීය ප්‍රේෂණ සේවා භුක්ති විඳින ලෙසත් HNB ආරාධනා කර සිටී. 
දිවයින පුරා පාරිභෝගික ඒකක 254ක් සහ Self Service යන්ත්‍ර (SSM) 800කට අධික සංඛ්‍යාවකින් සමන්විත HNB යනු ශ්‍රී ලංකාවේ විශාලතම, තාක්ෂණික වශයෙන් නව්‍යකරණය වූ පුද්ගලික බැංකුවකි. ’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී නව්‍යකරණ සේවාවන්, මූල්‍ය අන්තර්ගතභාවය හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය වෙනුවෙන් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස 15 වැනි වරටත් HNB සම්මානයට පාත්‍ර විය.



අදහස් (0)

HNB Remit වෙතින් අගනා ත්‍යාග දිනා ගන්න අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 658 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site